Monday, 26 June 2017

සමථ කාර වරුන්ටත් විශ්‍රාම යාමට වයසක් තිබිය යුතුද?


සමථ කරණය කියන්නේ ඉතාමත් වගකීමෙන් කළ යුතු දෙයක්. මෙහිදි ගනු ලබන තීන්දු තීරණ වගේම කියවෙන දේත් යමෙකුගේ ජීවිත කාලයටම බලපාන්ඩ පුළුවන්. විශේෂයෙන්ම පවුල් වල ආරවුලුත් සමථ මණ්ඩල වෙතට යොමු වෙනුව. බොහෝ වෙලාවට සමථ මණ්ඩල වල ඉන්න වැඩිහිටි මහත්වරු නෝනාවරු  නැත්නම් පැවිදි පක්ෂයේ අය කරනු ලබන්නේ මේ අය අවවාද අනුසාසානා මගින් සමාදානය කිරීම. මෙහෙම සමාදාන වෙච්චි අය මිනි මරාගෙනත් තියන බව වාර්තා වෙච්චි අවස්ථාත් තියනව. ඒ වගේම වැඩිහිටි කමට සළකල පාර්ශව කාරයොත් තමන්ගේ ප්‍රශ්න හරියට එළියට දාන්නෙ නහැ. බොහෝ වෙලාවට පවුල් ජීවිත අවුල් වීමට බලපාන්නේ අවශ්‍යතාවන් ඉටු නොවීම. ඒ වගේ ප්‍රශ්ණ ගැන කථා කරන කොට අවශ්‍යතාවන් ඉටු නොවීමට හේතු ගැනත් අදහසක් තියෙන්ඩ ඕනෑ. ඕනැම කෙනෙක් වයෝවෘධ වෙනකොට තියෙන්නේ වෙනම අවශ්‍යතාවන්. අර මැදිවියේ හෝ තරුණ ජීවිත වල අවහ්‍යතාවන් දිහා වලන්නෙත් තමන්ගේ අවශ්‍යතාවන් තුළින්. එහෙම නැත්නම් බණ බාවනා තුළ තම්න් ලබාගත්ත අත්දැකීම් තුළින්. අවුරුදු පණහකටත් අඩු ළමයි හතර දෙනෙක් ඉන්න පවුලක ආරවලකදි ඒ මහත්තයට කිව්වලු දැන් ඉතින් ළමයි ගැන හිතල බණ  බාවනාවක් කරගෙන ඉන්ඩ කියල. මේ මනුෂ්‍යට තිබිල තියන ප්‍රශ්නෙත් ගෑණි බණ බාවනා විතරක්ම කරන එක තමයි. මෙන්න වෙවැනි අවස්ථාවලදි වයෝවෘධබාවය සමථ කාරයෙකුට රතරම් සුදුසු නැහැ කියන එක කියන්ඩම වෙනව.

තරුණ කොටස් අතර විශේෂයෙන්ම පැසල් ළමුන් අතර අද ආරවුල් ඇතිවෙන්නේ නවීන තොරතුරු තාක්ෂණය උපයෝගි කරගෙන. ඉස්සර වාගේ නෙමෙයි අදාකාලේ ඉස්කෝලවල්වල කොල්ලො ගහ ගත්තහම ඒවටත් පොලිසිය කැදවන්න තමයි ගුරුවරු පෙළඹිලා ඉන්නේ. මේ ගොල්ලො අතර ඇතිවන ආරවුල් බොහෝ විට යොමු වෙන්නේ සමථ මණ්ඩල වලට. බොහොමයක් තරුණ තරුණියන්ගේ පාසල් කොල්ලො කෙල්ලන්ගේ ආරවුල් වලට හේතු වෙලා තියෙන්නෙ සමාජ වෙඩ් අබවි භාවිතය. අද ලව් කරන්නෙත් පේස් බුක් ටුවීටර් වගේ සමාජ වෙඩ් අඩවි හෝ ඉමෝ , වට්ස්ඇප්, වයිබර්,ස්කයිප් වාගේ ඇප්ලිකේෂන් හරහා. එස්එම්එස් භාවිතා කරන්නේ මුකුත් නොතේරෙන ස්මාට් පෝන් වගේ සම්පත් නැති එකෙක් තමයි. මේව ගැන දැනීමක් නොමැති එස්එම්එස් එකක්වත් ගහගන්ඩ බැරි 70,80 දසක වල රාජ්‍ය සේවයේ හෝ විදුහල් වල ලොක්කො වෙලා හිටිය පංචස්කන්ද කොහොමද මේව විසදන්නෙ. මේව ගැන හොදටම දන්න පට්ට නාකිත් නැතිවම නොවෙයි. ඒත් තරුණ, සහ මැදිවියේ කොටස්වල දායකත්වය අඩු තරමින් සියයට පණහක්වත් තියෙන්ඩ ඕනැ. ඒ විතරක් නොවෙයි මේ වයසක පචස්කන්ද අඩුගානෙ අවුරුදු 65 ක් 70 ක් වෙනකොටවත් තමන්ට බැරිබව හිතාගෙන ගෙදරට වෙලා ඉන්ඩ ඕනැ.

මනුෂ්‍යයෙක් වයසට යන කොට බෝහෝ විට කන් ඇහෙනව අඩුයි. ඇස් පේනව අඩුයි. තේරුම් ගන්ඩ ගතවන කාලය අඩුයි. පොත පත කියවනව අඩුයි. මෙන්න මේ කාරණා සමථකරනයේදි අත්‍යවශ්‍යම දෙයක් වන සන්නිවේදනය බිද වැටීමට කොයි තරම් හේතු වෙනවද? සාර්ථක සන්නිවේදන ක්‍රියාවලියකින් තොරව සමථ කරණයක් සාර්ථක වෙනවද කියන එක ගැන හිතන්ඩ දෙයක් නැහැ

වයසට පත්වෙලා ඉන්න සමථ කාර මහත්වරු නෝනල ඉතා දිගු කාලයක් සමථ මණ්ඩල වල සේවය කරල තියන නිසා ඒ අයව ඉවත් කරපුවහ ඒ අය මානසික වශයෙන් බිද වැටීමකට හේතුවෙයි කියන අදහසකුත් සමථ මණ්ඩලවලට අදාල සමහර බලධාරින් ලග තියනව.නීතියෙන්ම මේ පිළිබද නිශ්චිත වයසක් සදහන් කරල තිතයනනම් එහෙම දෙයක් වෙන්නෙ නැහැ. දැනටමත් ප්‍රතිපත්තිමය තීරණයක් තියනව සමථ මූල මණ්ඩල වල සභාවති තනතුර දෙවතාවකට වඩා (සමථ මණ්ඩල කාල සීමාව වසර 03) දරන්ඩ ඉඩ දේන්නෙ නැහැ කියල. මේ වගේ තීරණයක් තියන කොට ඉවත්වන සභාපති වරයාට හෝ වරියට මදිපුංචි කමක් වෙන්නෙ නැහැ. එයාට අවශ්‍යනම් තව දුරටත් සමථකාර වරයෙක් විධියට ඉන්ඩත් පුළුවන්. ඒ වගේ යම් කිසි වයස් සීමාවක් සම්පූරණ කරන සමථකාර වරයෙකු නියමිත වයසේදි විශ්‍රාම යාම එතුමට මදි පුංචි කමක් නොවෙයි. ඇත්තටම ඒක ගෞරවයක්. මටනම් හිතෙන්නෙ අවුරුදු 65 තමයි සමථකාර වරයෙක් විහ්‍රාම යා යුතු වයස වෙන්ඩ ඕනැ කියල

සමථකාර වරුන් නියමිත වයසකදි විශ්‍රාම යා යුතුද කියන එකට දෙන්ඩ පුළුවන් එකම පිළිතුර තමයි ඔව් කියන එක. නැවත හමුවෙමු ඉතින් ආයුබෝවන් .....








Sunday, 25 June 2017

සමථ මණ්ඩල ක්‍රමය ශ්‍රී ලංකාවේ මහ ජනතාවට සමීපද ?


සමථ මණ්ඩල ක්‍රමය හ්‍රී  ලංකාවේ ජනතාවට එතරම් සමීප වෙලා නැහැ. සාමාන්‍ය ජනතාව තුල මේ පිළිබ අදහසක් ඇත්තෙත් නැහැ. බොහෝ මිනිසුන් තමන්ගේ ආරවුල් සා ජීවිත කාලයටම විදවනව. ඒව සාකච්ඡා කරල පහසුවෙන් විසදගන්න පුළුවන් දේවල් වෙන්ඩ පුළුවන්. සමථ මණ්ඩල ප්‍රෙද්ශවල පිහිටුවල තියන සමථ මුල මණඩලත් ඔහේ පවත්වාගෙන යනව ඇරෙන්ට තම කාර්යයන් මහජනතාව අතරට ගෙනයාමට වැඩ පිළිවෙළක් නැහැ. බොහෝ අය සමථකාර තනතුරත් ඒ නිසාම ලැබෙන සාම විනිසුරු කමත් භාවිතා කරන්නෙ ආභාරණයක් විලසට.

දිව්රුම් ප්‍රකාශයක් ලියව ගන්ඩවත් මහ ජනතාවගෙන් කෙනෙක් තමන් ලගට එනවට කැමැති නැති සමථකාර වරුන් /වරියන් ඉන්නව කියල මම දැනගත්තෙත් ගමේ අහිංසක මනුෂ්‍යෙය්ක් එක්තරා සමථකාර මහත්මියක් ලගට ගිහිල්ල තම සේවය අමාරුවෙන් ඉටුකර ගත්ත හැටි කිව්ව දවසෙයි. ඒ මනුෂ්‍යයනම් කිව්වෙ ඒ නෝනට ඒ ගැන අවබෝධයක් නැහැ කියලයි. මම නම් ඒක පිළිගන්ඩ එතරම් කැමති වුණේ නැත්තේ එතුමිය අපේ ගම අසල ගමක ජීවත්වන උගත් කාන්තාවක්. කොහොම වෙතත් මහජනතාවගේ නිරීක්ෂණ නම් ඔන්න ඔහොම තමයි.

තවත් කාරණාවක් තියනව. සමථකාර නෝනාවරු මහත්වරු මොකක් හරි ආණ්ඩුවෙ රක්ෂාවක් කරල විශ්‍රම ගත්ත අය. සාමානයයෙන් රජයේ සේවකයො කිව්වහම ජනතාව හිතන්නේ පගා මරැවො කියල. ඇතැම් සේවාවන් ඒකට විශේෂයි. හැම රජයේ සේවකයෙකුටම ඒක ඇත්ත නෙමෙයි. ඒ වුණත් මහජනතාව තියන අත්දැකීම් තමයි ළමයව ඉස්කෝලෙට දාගන්න ගෙදර ප්ලෑන් එක පාස් කරවගන්න, කොස් ගහ කපන්ඩ බල පත්‍රයක් ගන්ඩ‍්, තම විහ්‍රාම වැටුප සකස්කර ගන්ඩ,‍ මරණයක් ලියාපදිංචි කරගන්ඩ, විවාහයක් කරගන්ඩ, විදුලි ප්‍රශ්ණයක් නිරාකරණය කර ගන්ඩ, ලයිට් ගන්ඩ, වතුර ගන්ඩ‍ , දිව්රුම් ප්‍රකාශයක් ලියා ගන්ඩ  වගේ වැඩ කරව ගන්ඩ  කීයක් හරි මිට මොලවන්ඩ වුණා කියන එක ඒ නිසා තමන්ගෙ ආරවුල විසද න සමථ මණ්ඩලේ ඉන්න මහත්වරු නොනාවරු කරපු රස්සාවල් ගැන කියපු ගමන්ම මිනිස්සුන්ගේ හිතට එන්නේ තමාගෙන් මුදල් ගත්ත අර අමන මනුෂ්‍යය ගැන. අපි දන්න අදුණන සමථ කාර මහත්වරු ගොඩක් ඉන්නව රට වටේම. මම දන්න තරමින් ඒ කිසිම මහත්තයෙක් ඒ වගේ අය නෙවෙයි. ඉතාමත් ගුණගරුක යුක්තිගරුක මහත්වරු. මම මේ හැමෝටම යෝජනා කරන්නේ මහජනතාවට තමන් ගැන විශ්වාෂයක් ඇති කර ගන්න ඕනැනම් තමන් කරපු රක්ෂාව කුමක්ද කියන එක ආරවුල්වල පාර්ශව කරුවන්ට නොකිය ඉන්න එක හොදයි කියලයි.

සමථ මණ්ඩල දිනය කියල එහෙකුත්  ලංකාවෙ තියනව. බොහෝ සමථ මණ්ඩල දිනවල් පවත්වල තියෙන්නෙ ප්‍රභූවරුන් එක්ක. එක වරක් සමථකාර වරුන් අතර තරග වගයකුත් තිබ්බලු. අඩු තරමින් සමථ මණ්ඩල දිනය අරඹයාවත් දිවයිනේ පාසල් අතර යම් යම් තරග වගේ දේවල් සංවිධානය කරල ප්‍රෙද්ශයේ සමථ මණ්ඩලවලට ඒව අධික්ෂණය කිරීරමේ කාර්යයන් භාර දුන්නොත් සමථ මණ්ඩල ගැන අදහසක් මහජනයා අතරට ගෙනියන්ඩ ඒක එක්තරා මාධ්‍යයක් වෙන්ඩ පුළුවන්.

එක කාලයක රූපවාහිනියෙ දැනවීමක් දැම්ම සමථ මණ්ඩල ගැන. ඒත් ඒක පැවතුනේ ටික කාලයයි. කොහොම  වෙතත් සමථ මණ්ඩල කියන්නේ මහජනතාවට ඉතාමත් අතයවශ්‍ය විශාල නිහඩ සේවයක් ඉටකරන ආයතනයක්. මේ වගේ ආයතනයක් මහජනතාවගෙන් ඈත් කර තබන එකනම් අපරාධයක්. අදට සටහන නිමයි . නැවත හමුවෙමු තවත් ආන්දෝලනාත්මක කරුණු ටිකකුත් සමගම . ආයුබෝවන් සැමට





ආරවුලක් හෝ වරදක් නිරවුල් නොකිරීම

සමථ මණ්ඩලයකට යොමුවන සෑම ආරවුලක්ම නිරවුල් කරන්ඩ එහෙම නැත්නම් සමථ කරන්ඩ බැහැ. පාර්ශව කරුවන් සමථ වීමට එකග නොවීම, සමථ සාකච්ඡා සදහා නොපැමිණිම යන කරුණුයි  මේවට හේතු වේන්නෙ. මෙහෙම අවස්ථාවකදී අදාල ආරවුල හෝ වරද නිරවුල් නොකළ බවට සහතිකයක් නිකුත් කළ යුතුයි.  සමථ මණ්ඩලයක් පවත්වා පාර්ශ්ව කරුවන් සමථ වීමට නොහැකි වූ අවස්ථාවක සමථ මණ්ඩලයේ ප්‍රධාන සමථ කරු විසින්ද සමථ කරුවන් නොපැමිණිම මත සමථ මණ්ඩලයකට ආරවුල යොමු කිරීමට නොහැකි වූ අවස්ථාවක සමථ මූල මණ්ඩලයේ සභාපති වරයා වසින්ද මෙම සහතිකය අත්සන් කර නිකුත් කළ යුතුයි  (සමථ මූල මණ්ඩලය සහ සමථ මණ්ඩලය ගැන වෙනම කරුණු දක්වා ඇත)මෙලෙස නිරවුල් නොකිරීමේ සහතිකයක් නිකුත් කල හැක්කේ සමථයකට එකග නොවීම සහ  සමථ සාකච්ඡා සදහා පාර්ශ්ව කරුවන් නොපැමිණිම යන කාරණා දෙත සදහා පමණමයි.

       යම් ආරවුලක් හො වරදක් සමථයට පත් කිරීමෙන් පසු කිසියම් පාර්ශ්ව කරුවෙක් සමථ වාර්තාවේ අඩංගු කරුණු උල්ලංගණය කරනු ලැබුවහොත් අනෙක් පාර්ශවය විසින් එම කාරණය වහාම සමථ මණ්ඩලයට දැන්විය යුතුයි. මෙසේ ඉල්ලීමක් ලැබුණ් විට මණ්ඩලය විසින් පාර්ශ්ව කරුවන් කැඳවා භේද විසදීමට හෝ නව නිරවුල් කිරීමක් ඇති කිරීමට උත්සාහ කල යුතු අතර එසේ කළ නොහැකි අවස්ථාවලදීද පෙර පරිදිම නිරවුල් නොකිරීමේ සහතිකයක් නිකුත් කළ යුතුය. 

         පවත්නා තත්වයන් අනුව නිර්වුල් කිරීමේ සහතික නිකුත් කිරීමේදී යම් යම් නොගැලපෙන තත්වයන් ඇතිවි තිබෙන බව සටහන් කරුගේ නිරික්ෂණ වලින් පෙනි ගොස් ඇත.  බොහෝ විට පළමු පාර්ශ්වය එක් අයෙකු වන අකර දෙවන  පාර්ශ්වයට පාර්ශ්ව කරුවන් කීප දෙනෙකු ඇතුළත් විය හැක. දෙවන පාර්ශවයේ සමථ කරුවන් පස් දෙනෙක් සිටිනාවායයි උප කල්පනය කළහොත් එයින් එක් අයෙකු නොපැමිණි අවස්ථාවක හෝ හතර දෙනෙක් සහ පළමු පාර්ශවය සමථ වීමට කැමති වී එක් අයෙක් අකැමැති වූ අවස්ථාවක හෝ නිරවුල් කිරීමේ සහතිකයක් නිකුත් කළ යුතුය. මේ අනුව වැඩි දෙසෙකුගේ කැමැත්තට ඉඩ නොලැබෙන අතර එක් අයෙකුගේ කැමැත්ත මත අනෙක් සියළු දෙනාටම දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවේ. වෙනත් ආකරයකින් කිවහෙමාත් සමථකරණයේ ඵල නෙලා ගැනීමට වැඩි දෙනාට හැකියාවක් නොලැබෙනු ඇත. මෙවැනි අවස්ථාවන් සදහා සහන සැළසීමේ ප්‍රතිපාදන සමථ මණ්ඩල පණතින් සළාසා නැත.

            නිරවුල් කිරීමේ සහතික නිකුත් කරනු ලබන ආකෘතිපත්‍ර පිළිබදවද සටහන් කරුට යම් අදහසක් ඇත. අධිකරණයෙන් යොමුකළ වැරදි සදහා නිරවුල් නොකිරීමේ සහතික නිකුත් කිරීමේදි අධිකරණයට යැවීම සහා වෙනම ආකෘතිපත්‍රයක් භාවිතා කිරීමත් එම කරුණම අදාල පොලිසියට සහ පාර්ශ්ව වාර්තා කිරිමට සහ පාර්ශ්ව කරුවන්ට ලබා දීමට වෙනම ආකෘතිපත්‍රයක් භාවිතා කිරීමටත් සමථ මණ්ඩල විසින් කටයුතු කරයි. ගරු අධිකරණයයෙන් ලැබුණු වරදක් සම්බන්ධව නිර්වුල් නොකිරීමේදි අධිකරණය යැවීමට සකස්කර ඇති ආකෘති පත්‍රෙයේම පිටපත් අදාල පොලිස් ස්ථානයට යැවීමට සහ පාර්ශ්ව කරුවන්ට ලබා දීමට කටයුතු කිරීම වඩාත් නිවැරදි කාර්යාලයීය ක්‍රමය බව සටහන්කරු කල්පනා කරයි.  මෙම කරුණු මෙම සටහනට ඇතුළත් කරන්නේ අදාල බලධාරින්ගේ අවධනය සදහාය.









සමථ කරණයේදි ගනු ලබන තීන්දු තීරණ..


උසාවියට ගියහම මොනවද වෙන්නෙ , සමථ මණ්ඩලේදි  මොනවද වෙන්නෙ කියන කාරණා ගැන තොරතුරු ටිකක් පෙර සටහන් වල ලියල තිබ්බට ඒ සටහන අවසානයකින් තොරව අවසන් කරන්ඩ සිද්ධ වුණේ සටහන දිග වැඩි වෙන නිසා. සමථ කරණයේදි වෙන්නේ පාර්ශ්ව කරුවන් විසින් තීන්දු තීරණ ගැනීමක් කියල අපි හැම තිස්සෙම කිව්ව. මෙහෙම ගන්න තීරණය පාර්ශ්ව කරුවන්ගේ අවශ්‍යාතා ඉටුවන දෙපාර්ශ්වයම එකග වෙන සුහදශීලි විසදුමක් විය යුතු බවත් කිව්ව. තමන්ගෙ ආරවුල ගැන මේ වගේ ගිවිසුමකට එකග වුණොත් සමථ මණ්ඩලය විසින් නිරවුල් කිරීමේ සහතිකයක් නිකුත් කළ යුතුයි. මෙම නිරවුල් කිරීමේ සහතිකයේ ආරවුල විසඳා ගැනීම සඳහා ඇතිකරගත් කොන්දේසි සඳහන් විය යුතුයි. මෙම වාර්තාවට සියළුම් පාර්ශ්ව කරුවන් මෙන්ම සමථ මණ්ඩලයේ ප්‍රධාන සමථකාර වරයා ඇතුළු සමථකාර වරුන් තිදෙනාම අත්සන් තැබිය යුතු වෙනව. මෙසේ පිළියෙල කරගත් වාර්තාව පාර්ශ්ව කරුවන්ට නිකුත් කළ යුතු අකර එහි පිටපත්, මෙම ආරවුල යොමුකළ පොලිසියටත් ගරු අධිකරණයටත් යැවිය යුතුයි.

         නිරවුල් කිරීමේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වූ විට අධිකරණය විසින් ආරවුල් කරුවන්ට දැනුම් දීමෙන් පසු ඒ නිරවුල් කිරීම අනුව තීන්දු ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවයි සමථ මණ්ඩල පණතේ 11(2) හි සදහන් වන්නේ. එහෙත් දැනට ක්‍රියාත්මක වන ක්‍රමය වන්නේ ඊලග නඩු දිනයේදි පාර්ශ්ව කරුවන් අධිකරණයට ඉදිරිපත් විය යුතු බවට උපදෙස් දීමයි. මෙයින් සමථකරණ ක්‍රියාවලියට යම් සීමාවකින් බාධාවක් පැමිණෙන බවයි සටහන්කරුගේ අදහස වෙන්නෙ.  ආරවුලක් සම්බන්ධයෙසන් මණ්ඩලයක් පිහිටුවීමෙන් දින 60 ක් ඇතුළත සහ වරදක් සම්බන්ධයෙන් මණ්ඩලයක් පිහිටුවීමෙන් දින 30 ක් ඇතුළත වාර්තාව ඉදිරිපත් කළ යුතුය යන සමථ මණ්ඩල පණතේ 13  වගන්තියේ නියමයට ඇතැම් අවස්ථාවල උසාවියෙන් නියමකරන දින වකවානු නොගැලවීම මත මෙම බාධාව සිදුවන බව පෙන්වා දෙන්ඩ පුළුවන්.

        මේ ආකාරයෙන් සමථ මණ්ඩල පණතේ දෙවන උපලේඛනයේ සදහන් වරදක් නිරවුල් කරන ලද විට ර් වරද 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පණතේ අර්ථානුකූලව සහ එහි කාර්යය සදහා  සමථය කරනු ලැබු ලෙස සළකනු ලැබිය යුතුය යන්න 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පණතේ 18 වන වගන්තියේ සදහන් වෙනව. 

     මෙම සමථ කිරීමේ කාර්යය මුදල් සහ කාලය ඉතුරුකරන,  දුක්ගැනවිල්ලේ හේතුව ඉවත් වීම නිසා දෙපාර්ශවයටම සතුටු විය හැකි ,පාර්ශවයන් අතර පෙර තිබූ සම්බන්ධතාව යලි ගොඩනැගෙන ඉතා වැදගත් ක්‍රියාවලියක් හැටියට තමයි කවුරුත් පිළිගන්නේ.

      ඉහත සදහන් පරිදි පාර්ශ්ව කරුවන් විසින් ගනු ලබන තීන්දු තීරණ මත යම් සමථ වීමක් සිදු වුවහොත් එම සමථය උල්ලංගණය වීමට ඇති ඉඩ ප්‍රශ්ථා ඉතා අඩුයි. නමුත් සමථ කරුවන්ගේ  එකගතාවෙන් තොරව ඇතැම් අවස්ථාවල බලහත්කාරයෙන් පටවන තීන්දුත් සමථ මණ්ඩලවලින් දීපු අවස්ථා ඇති බව අප විසින් කරන ලස සමික්ෂණ තුලින් අනාවරණය වෙලා තියනව. තමුන් නඩුකාරයොයි හිතාගෙන ඉන්න සමථකරණ මූල ධර්ම උල්ලංකණය කරන සමථකාර වරුන් හිටියොත් නම් සමථකරණයට දෙයියන්ගෙම පිහිට තමයි. සමථ මණ්ඩල තුළ පවත්නා මෙවැනි ගැටළු පිළිබව වෙනම සටහනකින් සාකච්ඡා කරන්ඩ බලාරෛාත්තු වෙනව.

     නිරවුල් කිරීමේ සහතිකයක් ගරු අධිකරණයට ඉදිරිපත් වන දිනයේදි පාර්ශ්වකරුව්න් විසින් නීතිඥ සහාය අවශ්‍ය නොවන බව උසාවියේ කටයුතු කරන පොලිස් නිලධාරි මහතෙකු විමසන අවස්ථාවෙදි දැනගන්ඩ ලැබූ දෙයක්. මෙම වාර්තාව උසාවි පොලිස් නිලධාරි තුමා හරහා අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවයි එතුමා වැඩි දුරටත් කිව්වේ. 

     අපි ඊලග දිනයෙදි බලමු සමථ මණ්ඩලයකට යම් ආරවුලක් නිරවුල් කරන්ඩ බැරි වුණොත් මොකද වෙන්නෙ කියල. ඉතින නැවත හමුවෙන තුරු ආයුබෝවන්.

.

සමථ මණ්ඩලේදි මොනවද වෙන්නෙ ?


අපි කලින් දවසේ සටහනකින් උසාවිය සහ සමථ මණ්ඩලය ගැන කථා කරගෙන ඇවිල්ල සමථ මණ්ඩලයේදි මොනවද වෙන්නේ කියන කාරණය වෙනත් සටහනකින් කථා කරන්ඩ පොරෝන්දු වුණා මතක ඇති.  අපි අද බලමු සමථ මණ්ඩලයේදි මොනවද වෙන්නේ කියල.

සමථ මණ්ඩලයකට ආරවුලක් හෝ වරදක් පිළිබඳ කාරණාවක් යොමු කළහම නිත්‍යාණුකූල මාර්ග වලින් ආරවුල් කරුවන් අතර සුහද නිරවුල් කිරීමක් ඇති කිරීම  පිණිස උත්සාහ කිරීමද, ඔවුන්ගේ කැමැත්ත ඇතිව සහ ක්‍රියාත්මක කළ හැකි සෑම අවස්ථාවකදීම ඒ ආරවුල හෝ වරද නැවත ඇතිවීම වැලැක්වීම පිණිස ඔව්න්ගේ දුක්ගැනවිල්ලේ නියම හේතුව ඉවත් කිරීමද සමථ මණ්ඩලයෙන් අපේක්ෂත කාර්යය බව සඳහන් කළා

අපි දැන් බලමු සමථ මණ්ඩලයෙන් අපේක්ෂිත කාර්යය කිරීමට ගත හැකි සහ ගනු ලබන ක්‍රියා මාර්ගයන් මොනවද කියල. අපි කලින් සටහනකින් කිව්ව උසාවියෙදි තීන්දු තීරණ ගන්නෙ සාක්ෂි මත කියල. සමථ මණ්ඩලවලටත් බලගතු සාක්ෂියක් අවශ්‍ය වෙනව. අන්න ඒකට තමයි කියන්නේ හෘදයසාක්ෂිය කියල. ඒ කියන්නෙ යම් ආරවුලක් හෝ වරදක් ඇතිවුණේ කොහෙමද කියල හොඳටම දන්නෙ පාර්ශව කාරයො. ඒ නිසා ඒගොල්ලො ආරවුල පිළිබඳ සියළුම කාරණා සත්‍ය ලෙසත් අවංක ලෙසත් ප්‍රකාශ කළයුතු වෙනව. මෙහිදී අනෙක් පාර්ශ්ව කාරයා ඉවත්කරල තනිවම තම ප්‍රකාශය කිරීමට ඉඩ සළසා දෙන ලෙස ඉල්ලීමක් කරන්ඩත් පුළුවන්. හැබැයි එහෙම ඉල්ලීමකට ඉඩ දුන්නහම ඒ වගේ තනිව සාක්ච්ඡා කිරීමේ අයිතිය අනෙක් පාර්ශවයටත් අනිවාර්යයයෙන්ම ලබා දිය යුතුයි. පාර්ශ්ව කරුවන්ගේ ප්‍රකාශ බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සළාසා දීම සමථ මණ්ඩලයේ කාර්යය භාරයක් මෙන්ම වගකීමක්.

මෙම අවස්ථාවේදි සමථ මණ්ඩලයේ මහත්වරුන් සහ නෝනාවරුන් සතු විය යුතු කුසලතාවන් මෙන්ම ඔවුන් අතින් ඉටුවිය යුත් යුතුකම්ද රාශියක් තියනව. මනා සංනිවේදන කුසලතාවයක්, නිවුණු සිතක්, පූර්ව නිගමනයන්  ඇති කර නොගැනීමේ හැකියාව, සංවේදි නොවීම, අපක්ෂපාත වීම, තමා පිළිගන්නා වටිනාකම් ඉස්මතු නොවීමට ඉඩ නොදීම,  වැනි කුසලතාවන් අනිවාර්යයෙන්ම සමථකාර වරුන් සතු විය යුතුයි. ඒ වගේම සමථකාර වරුන් විසින් නොකළයුතු දේත් රාශියක් තියනව. විවේචනය කිරීම, අගය කිරීම, ප්‍රශංසා කිරීම,තමන් සතු විෂයය මූලික දැනුම ඉස්මතු නොකිරීම, අනවශ්‍ය තර්ක ඉදිරිපත් කිරීම, සාකච්ඡාව වෙනත් අතකට හැරවීම, උපදෙස් දීම, තීන්දු තීරණ දීම, හොඳ නරක කියා දීම,  වගේ කාර්යයන් සමථ කාර වරැන් හෝ වරියන් විසින් නොකළ යුතුයි යන්න තමයි පිළි ගැනීම. තවද සමථකාර වරුන් සතු විය යුතු ගුණාංගයන් අතර ක්‍රියාකාරි සවන්දීමේ හැකියාව අති විශේෂයි. ඒ වගේම පාර්ශ්ව කරුවන්ගේ උවමනාවන් හොඳින් අවබෝධකරගෙන එම උවමනාවන් ඉටුවන පරිදි දෙපාර්ශවයම එකඟ වෙන සුහදශීලි විසදුමකට යාමට හැකිවන පරිදි පාර්ශව කරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ස්ථාවරයන් වෙනුවට විකල්ප ඔවුන් තුළින්ම ජනනය කර ගැනීමේ කුසලතාව සමථ කාර වරුන් සතු විය යුතුයි.

ඔබ සමථ මණ්ඩලයකට ගිය අවස්ථාවක ඉහත සඳහන් දේවල් ඔබ අත් දුටුවාද නැතිනම් සමථ කාර වරුන්ගේ ආධිපත්‍ය තුළ ඔබට කටයුතු කිරීමට සිදු වුණාද යන්න සිතා බැලීම ඔබට භාරයි.
            අපි කලින් කිව්ව පාර්ශ්ව කරුවන්ගේ අවශ්‍යතාවන් මත ඔවුනට අවශ්‍යනම් තනි තනිව අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාගත හැකියි කියල. ඒ වගේම සමථකාර වරුන්ටත් අවශ්‍යයැයි සිතුනොත් පාර්ශ්ව කරුවන් තනි තනිව ගෙන සාකච්ඡා කිරීමේ අයිතිය තියෙනව. කොහොම වෙතත් එක් පාර්ශ්වයක් සමඟ තනිව කථා කළොත් අනිත් පාර්ශ්වය සමඟත් තනිව කථා කළ යුතුයි.

        ආරවුල ඇතිවුණේ කොහොමද කියන එක දන්නෙ පාර්ශව කාරයො වගේම මෙම ආරවුල විසදීමට අවශ්‍ය හොඳම විසදුම තියෙන්නෙත් ඔවුන් වෙත කියන එක සමථකාර වරුන් විසින් අමතක නොකළ යුතුයි කියල තමයි සටහන් කරු කල්පනා කරන්නෙ. නමුත් ඔවුන් වෙත ඇති හොඳම විසදුම ආවේගශීලිත්වය, නම්බුව, නම්‍යශීලි නොවීම, මාන්නය වෙනත් අයවලුන්ගේ බලපෑම,වැනි කාරණා මත වැහිල තියෙන්ඩ පුළුවන්. මෙහෙම වැහිල තියෙන හොඳම විසදුම ඉස්මතු කර ගැනීමේ කුසලතාව සහ දක්ෂතාව සමථකාර වරුන් සතු විය යුතු බව පුනා පුනා ප්‍රකාශ කරන්නෙ එය ඉතා වැදගත් නිසයි.

        සමථ මණ්ඩල සාකච්ඡා තුළදී පාර්ශ්වකාරයින් ආවේගශීලි වීම නිසා  ගහ මරා ගත්තු අවස්ථාත් තියනව. මෙවැනි දේවල් හැකිතාක් දුරට පාලනය කර ගැනීමේ හැකියාවත් සමථකාර වරුන් සතු විය යුතුයි. අවවාද කිරීම තරවටු කිරීම වෙනුවට සාකච්ඡාව අතරතුර විරාමයක් ලබා දීම වාගෙ දේවල් කරන්ඩ පුළුවන්.ඒත් මෙම කාරණා සියයට සියයක්ම පාලනය කිරීමට සමථකාර වරුන් දෙවිවරුත් නොවෙයි.

       මෙම සටහනින් කිව යුතු දේ බොහෝ වෙතත් සටහන දිගු වැඩි වෙන බැවින් අදට නවතිනව. අපි නැවතත් බලමු සමථ මණ්ඩල සාකච්ඡාවකදි ගනු ලබන තීන්දු තීරණ සහ අවසන් නිගමනයන් මොන වගේද කියල. නැවත හමුවෙන තුරු සැමට ආයුබෝවන්....

Saturday, 24 June 2017

සමථ මණ්ඩලය සහ උසාවිය


රටක උත්තරීතර ආයතනය වෙන්නේ ගරු අධිකරණය.  රටක ජීවත්වන සියළු දෙනාම නීතියේ ආධිපථ්‍යයට ගරු කළ යුතුයි. එනිසාම උසාවිය ගියන්නේ, ගරු අධිකරණය කියන්නේ ඉතාමත් ගරු ගාම්බීර තැනක්. උසාවිය යුක්තිය පසිදලීමේ කාර්යයේදී කරන්නේ සාක්ෂි මත පදනම්ව තීන්දු තීරණ ලබා දීමයි. මෙහිදී බොහෝ විට සැකයේ වාසිය ලැබෙන්නේ විත්ති පක්ෂයට. ඒ කියන්නේ ඕනෑම කාරණයක් සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කළ යුතුයි යන්නයි..
ලංකාවේ අධිකරණ ක්‍රියාකාර්ත්වය අනුව තමන් වෙනුවෙන් තමන්ට පෙනී සිටිය හැකි වෙතත් එය ඉටුවෙන්නේ ඉතාමත් කලාතුරකින්. සැමවිටම සිද්ධ වේන්නේ නීතිඤ සහය සහ උපදෙස් ලබාගන්ඩ.මේ වගේ සහය සහ උපදෙස් ලබාගන්ඩ නීතිඥ මහත්වරුන්ට ගෙවන්ඩ සිද්ධ වෙනුව.අතීතයේදි නිතිඥ මහත්වරුනට ගෙවල තියෙන්නෙ ගිනි වලින්. ඒකයි නිතිඥයො ගිනි කනව කියල සමාජයේ කථවකුත් තියෙන්නෙ. ගිනි කෙසේ වෙතත් අදත් නිතිඥ මහත්තුරුන්ගේ සහාය ලබාගන්න ගියහම පිච්චෙන්න තමයි වෙන්නෙ. කොයි තරම් නීති සහාය ලබාගතත් සෑම විටම එක පාර්ශවක් ජය ගන්නව. එක පාර්ශවක් ජය ගන්නව කියනේනේ දෙපැත්තම පරදිනව කියනනඑක කියලයි දවසක් අහගෙන හිටපු සම්ථ මණ්ඩල ආරම්භක රැස්වීමෙ පැවැත්වෙචචි දේශනාවෙදි කිව්වේ. ඒකත් ඇත්ත තමයි කවුරු දිනුවත් දෙපැත්තෙ තිබිච්චි වෛරය තරහව අඩුවෙන්නෙ නැහැ. ලැබෙන තීන්දුව අනුව වෛරය තව තවත් වැඩි වෙනව. අනිත් පැත්තෙන් සාක්කුවත් හිස් වෙලා. ආරවුලට මුල් වෙච්චි හේතුවත් බොහෝ විට එතනමයි.  ඒ මදිවට මේවට ගත වෙන කාලයත් අසාමාන්‍යයයි. මේ අනුව නැතිවෙන දේවල් බොහොමයි. ඒ නිසාම වෙන්ඩ ඇති එදා අර රැස්වීමෙදි කිව්වෙ නඩු ගියහම දෙපැත්තම පරදිනව කියල. නඩු යන්නෝ පරදින්නෝ කියල ජන වහරකුත් තියනවනෙ.
සමථ මණ්ඩල රැස්වීමෙදි තවත් දෙයක් කියවුණා.යම් ආරවුලක්  සමථ  වීමෙන් ලැබෙන ප්‍රතිඹලය ජය ජය විසුදුමක් කියල. මෙහිදි පාර්ශ්වයන් දෙකම පරදින්නේ නැහැලු. දෙපැත්තම දිනනවලු. අපි බලමු එහෙම වෙන්නේ කොහොමද කියල.ඒක ගැන කියන්ඩ ඉස්සෙල්ල සමාදාන වෙනව කියන එක ගැනත් යමක් කියන්ඩ ඕනැ. බොහෝ කෙනෙක් කියන්නේ සමථ මණ්ඩලේදි සමාදාන වුණා කියලයි. එදා රැස්වීමෙදික් සමාදානය කියන වචනය කීප වාරයක්ම එහා මෙහා ගියා. අපිනම් හිතන්නෙ සමාදානය කියන්න් බොහෝවිට යම් කෙනෙකුට තියෙන අධිකාරි බලයක් මත කරන බල කිරීමක් මත සිද්ධ වෙන දෙයක් කියල. හැබැයි ස්වේච්චාවෙන් සමාදාන වෙන අවස්ථාත් තියනව.
සමථ මණ්ඩලයෙන් අපෙක්ෂා කරන්නේ එම මණ්ඩලය වෙත ආරවුල්ක් ලැබුණු විට නිත්‍යාණුකූල මාර්ග වලින් පාර්ශ්ව කරුවන් අතර සුහද නිරවුල් කිරීමක් ඇති කිරීම පිණිස උත්සාහ කිරීම සහ ඔවුන්ගේ කැමැත්ත ඇතිව සහ ක්‍රියාත්මක කළ හැකි සෑම අවස්ථාවකදීම ඒ ආරවුල නැවත සිදුවීම වැලැක්වීම පිණිස ඔවුන්ගේ දුක්ගැනවිල්ලේ නියම හේතුව ඉවත් කිරීමද බවයි සමථ මණ්ඩල පණතේ සඳහන් වෙන්නේ.
මෙම සටහනින් උසාවියේදි වෙන දේ අපි හොදටම කථා කළා. අපි ඊලග සටහනින් බලමු සමථ මණ්ඩලයෙදි මොනවද වෙන්නෙ සමථ මණ්ඩලයෙන් අපෙක්ෂිත ඉහත දක්වන ලද කාර්යය ඒ අයුරින්ම ඉටුවෙනවද කියන කාරණා ගැන. අදට නවතිමි  සැමට ආයු බෝවන් .....නැවත හමුවෙමු...........



Friday, 23 June 2017

සමථ මණ්ඩලයක් පත් කරන්නේ කෙසේද? සමථ මණ්ඩල පත්කිරීම ප්‍රශ්නකාරිද ?

සමථ මණ්ඩලයක් පත් කරන්නේ කෙසේද? සමථ මණ්ඩල පත්කිරීම ප්‍රශ්නකාරිද ?

සමථ මූල මණ්ඩලය සහ සමථ මණ්ඩලය කියන්නේ මොකක්ද කියල අපි කලින් සටහනකින් සාකච්ඡා කළා ඔබට මතක ඇති. නැවතත් එම මණ්ඩල දෙක අතර වෙනස කෙටියෙන් කිව්වොත් කියන්ඩ වෙන්නේ මෙන්න මෙහෙමයි. සමථ මූල මණ්ඩලය කියන්නේ සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් යම් කිසි සමථ මණ්ඩල ප්‍රදේශයක් සඳහා සාමාජිකයන් යම් ප්‍රමාණයකින්  පත්කරනු ලබන මණ්ඩලයකට. මෙම මණ්ඩලයට සභාපති වර‍ෙයක් සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින්ම පත්කරනව. උප සභාපති වරයෙක් පත් කළත් එහෙම තනතුරක් ගැන පණතේ විධි විධාන සළසා නැහැ. මෙම සමථ මුල මණ්ඩලයට ලැබෙන යම් ආරවුලක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සමථ මූල මණ්ඩලයේ සාමාජිකයන් අතරින් තුන්දෙනෙක් පත්කළ යුතු බවත් ඒ මණ්ඩලය සමථ මණ්ඩලය වශයෙන් සදහන් කරන බවත් අපි කිව්වා ඔබට මතක ඇති. මෙම තිදෙනෙකුගෙන් යුතු සමථ මණ්ඩලයේ ප්‍රධානියා ප්‍රධාන සමථකාර වරයා ලෙසයි හදුන්වන්නේ. අපි අද බලමු මෙම තිදෙනෙකුගෙන් යුත් සමථ මණ්ඩලය පත් කරන්නේ කොහොමද කියල.

සමථ මූල මණ්ඩලයක සභාපති වරයා වෙත යම් ආරවුලක් යොමුකරන ලද විට එම ආරවුලට සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ වැඩි කැමැත්ත විමසා එම කැමැත්ත පිළිබදව නිසැක වශයෙන්ම දැනගෙන පහත සදහන් ආකරයට සමථ මණ්ඩලයක් පිහිටවිය යුතුය. පළමු ක්‍රමය අනුව එක් එක් ආරවුල් කරුවන් විසින්  සමථ මූල මණ්ඩලයේ සාමාජිකයන් අතරින් තමන් කැමති සාමාජිකයෙකු බැගින් සාමාජිකයන් දෙදෙනෙකු තොරා ගත යුතුය. මෙම සාමාජිකයන් දෙදෙනා විසින් තවත් සාමාජිකයෙකු පත්කර ගත යුතු අතර එලෙස පත්කරනු ලබන සාමාජිකයා ප්‍රධාන සමථකරු වශයෙන් කටයුතු කළ යුතුය. පාර්ශ්ව කරුවන් විසින් මෙලෙස තමන් කැමති සාමාජිකයන් පත්කර ගනු ලැබුවත් ඔවුන් කිසි විටකත් එම පාර්ශ්ව කරුවන් නියෝජනය කිරීමක් නොකරනු ඇත. තවත් කාරණයක් තමයි පාර්ශ්ව කරුවන් විසින් තෝරාගනු ලබන්නේ බොහෝ විට තමන් දන්නා හදුණන සමථ කාරවරයෙක්. සමථකාර මහත්වරු සදාචාරය බොහෝම පිළිපදින මහත්වරු බැවින් ඒ අය මේ වගේ මණ්ඩලයකට පත් වෙන්න කැමති වෙන්නෙ නැහැ. මෙන්න මේ කාරණය නිසාම මෙලෙස සමථ මණඩල පත්කීරීම ප්‍රායෝගික වශයෙන් අපහසු වෙලා තියනව. මෙහෙම සමථකාරවරු පත්කර ගැනීමට පාර්ශ්ව කරුවන් අතර එකගත්වයක් නැතිවිට මූල මණ්ඩලයේ සභාපති විසින් සමථ මණ්ඩලය පත් කළ යුතුයි.

සමථ මණ්ඩලයක් පත් කිරීමේ අනෙත් ක්‍රමය තමයි සමථ මූල මණ්ඩලයේ සභාපති විසින් කලින් පත්කරන ලද සමථ මණ්ඩලයකට ආරවුල භාරදීම. කුමන ක්‍රමයකින් සමථ මණ්ඩලයක් පත්කලත් එම සමථ මණ්ඩලය විසින් යම් කරුණක් විභාග කරමින් සිටි අවස්ථාවක එම සමථ මණ්ඩල සාමාජිකයන්ගේ ධුර කුමන හේතුවක් මත හිස් කරනු ලැබුවත් එම ධුර හිස් කිරීම අදාල ආරවුල විභාග කර අවසන් වන දිනයේ සිට ක්‍රියාත්මක විය යුතු බවට සමථ මණ්ඩල පණතේ පළමු උපලේඛනයේ 9 වෙනි වගන්තියේ යටතේ සදහන් කර ඇත්තේ සමථ මණ්ඩලයේ වැදගත්ම කටයුත්ත ආරවුල විභාග කිරීම වන බැවිනි. එහෙත් වත්මන් සමථ මණ්ඩල ක්‍රියාකාරිත්වය අනුව යම් ආරවුලක් විභාග කරමින් සිටින සමථ මණ්ඩලයක් වෙනුවට ඒ සදහා වෙනත් සමථකාර වරුන් යෙදවීම බොහෝ විට සිදුවන බවට අනාවරණය වී ඇත. මෙයින් පාර්ශ්ව කරුවන්ට යම් යම් අපහසුතාවන් ඇතිවන අතර ඔවුන්ගේ ආරවුල සදහා සාර්ථක සමථකරණයකට යාමට අවස්ථාව ලැබෙන්නේද යන්න විමසා බැලිය යුත්තකි. මෙවැනි අවස්ථාවලදි වැයවන කාලය පිළිබද සළකා බැලීමට අදාල බලධාරින් යොමු වී නැත. බොහෝ විට මෙලෙස සිදුවන්නේ සමථකාර වරුන් අඛන්ඩව සමථ සාකච්ඡා සදහා නොපැමීණිම හෝ ඔවන් නිසි අධික්ෂණයකින් තොරව වෙනත් සමථ මණ්ඩල සදහා පත්කිරීම නිසා බව අනාවරණය වී ඇත. තමා විභාග කළ කාර්යයක් අවසන් වන තුරුම පවත්වාගෙන යාම  ජනතා සේවයට කැපවී ඇතැයි කියන සමථකාර වරුන්ගේ වගකීම බව අමතක නොකළ යුතුය.

Thursday, 22 June 2017

සමථ මණ්ඩල සාකච්ඡාවකදී නීතිඥ සහාය ලබාගත හැකිද


සමථ මණ්ඩල සාකච්ඡාවකදී නීතිඥ සහාය ලබා ගත නොහැක. ඒ පිළිබඳ 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පණතේ 15 වන වගන්තියේ මෙසේ සඳහන් වේ.

      මණ්ඩලයක් ඉදිරියේ වූ යම් කරුණකදී යම් ආරවුල් කරුවෙකු වෙනුවෙන් පෙනී සිටීමට නිතිඥ වරයෙකුට හෝ අනුයෝජතයෙකුට හෝ වෙනත් තැනැත්තෙකුට හිමිකමක් නොතිබිය යුතු අතර ඒ සඳහා අවසර නොදිය යුතු වේ. එසේ වූවද මණ්ඩලයක් ඉදිරියෙහි එක් කලත්‍රෙයකු විසින් අනෙක් කලත්‍රයා හෝ තම මව හෝ පියා හෝ දේපල ආරක්ෂක විසින් බාල වයස් කාරයෙකු හෝ යම් අබලතාවයකින් පෙළෙන වෙනත් තැනැත්තෙකු  නියෝජනය කරනු ලැබීමට අවසර දිය යුතුය.

     මෙම බ්ලොක් සටහනේ සටහන් කරුටද අවස්ථා දෙකකදි සමථ මණ්ඩලයක් ඉදිරියට යාමට සිදුවිය. ඒ සමථ මණ්ඩල කෙරුවාව ගැන මෙලෝ හසරක දැනීමක් නොතිබුණු දින වලය. එදා සිදුවු දේවල් ගැන හිතන කොට සමථ මණ්ඩල පණතේ 15 වගන්තියේ සඳහන් නියෝජනය පිළිබදව යමක් නොලියාම බැරිය.

     මා පළමු වරට සමථ මණ්ඩලයක් ඉදිරියේ පරික්ෂණයකට ගියේ යතුරු පැදියෙන් පාරේ යමින් සිටියදි බීමත් පුද්ගලයින් කීප දෙනෙකු අතින් ගුටි කෑමට සිදුවූ නිසාය. මේ සිද්ධියේදි මා කිසිදු වරදක් නොකළ අතර ආරවුල ඇතිවීමට ප්‍රධාන හේතුව වූයේ මා කිසි දිනකත් අදුනාගෙන නොසිටි අනෙක්ත් පාර්ශවයේ තිදෙනෙකුගේ බීමත් කම පමණි. මෙදින සමථ සාකච්ඡාව සඳහා මා මගේ සහොදරයාද නීතිවෙදියෙකු වන මගේ මිතුරෙකුද සමඟ සමථ මණ්ඩලයට ගියෙමි. මා වෙනුවෙන් පත්කළ සමථ මණ්ඩලයේ ප්‍රධානියා විසින් පැමිණිල්ලේ ඇත්තේ මගේ නම පමණක් බැවින් මගේ සහෝදරයාද නීතිඥ මිතුරාද සාකච්ඡාවෙන් ඉවත් කරන ලදී. එදින ඒ ගැන මා කිසිවක් නොසිතුවේ එය නීතියට එකග බැවිනි.

     දෙපාර්ශවය සුහදශීලි ලෙස සමථයට පත්කර ගැනීමට මෙම මණ්ඩලයේ සාමාජික මහත්වරුන් විසින් ඉතාමත් කැපවීමෙන් කටයුතු කළ අතර අවසානයේදි මගේ යතුරු පැදියට සිදුවු අලාභය වෙනුවෙන් රුපියල් පන්දහසක මුදලක් තම කැමැත්තෙන් එදිනම ලබා දීමට මගේ විරුද්ධ පාර්ශ්වය විසින් කටයුතු කරන ලදී. ඉතාමත් සුහද ශීලි අයුරින් මෙම සාකච්ඡාව නිම වූ අතර මම මගේ විරුද්ධ පාර්ශවයටද ස්තුති කර පිටව ආවෙමි. එතනදී මතුවූයේ නීතිමය කරුණු නොව අපගේ අවශ්‍යතාවන් පිළිබඳ කරුණු වන අතර මෙම සාකච්ඡා සඳහා නීතිය පිළිබඳ දැනුමක් හෝ නීතිඥ වරයෙකුගේ සහය හෝ අවශ්‍ය නොවන බව මට අවධාරණය විය.

   දෙවන අවස්ථාවේදි මුදල් පොලියට දෙන ආයතනයකින්  ලබාගත් ණය මුදලක් ගෙවා ගැනීමව අපහසු වීම නිසා මා සමථ මණ්ඩලය ඉදිරියට කැඳවන ලදී. මෙහදි එම ආයතනය වෙනුවෙන් නියෝජත මහතෙකු පැමිණි සිටි අතර ඔහු එම ආයතනයේ සේවකයෙකුද නොවීය. ඔහු කොන්ත්‍රත් පදනම මත ණය එකතු කර දෙන බල පුළුවන් කාරයෙකු විය. ඔහු විසින් වාරික තුනකින් ණය මුදල ගෙවන ලෙස බලකර සිටි අතර මා පවසා සිටියේ වාරික 12 කින් ගෙවිය හැකි බවයි. ඔහුට මේ පිළිබඳ තීරණයක් දීමට නොහැකි බැවින් ඔහුගේ සේවා යෝජකයින් විමසා පිළිතුරක් ලබා දීමට මා නැවත වරක් කැඳවන ලදි. එදින පැමිණ සිටියේ වෙනත් පුද්ගලයෙකු බැවින් කලින් පැමිණි පුද්ගලයා ඊලග දිනයේදි පැමිණෙන බව පවසා මා නැවතත් දිනක කැඳවන ලදී. එදින ඔහු පැවසුවේ අදාල ආයතනයේ කා්යාලයට පැමිණ සාකච්ඡාකර මුදල් ගෙවීමට කටයුතු කරන ලෙසයි. මා දින තුන්ක් සමථ මණ්ඩලයට ගියත් කිසිදු තීරණයක් නොලැබුණි.

         මෙම අවස්ථාවේදී මට බොහෝ විට  හිතුණේ සමථ මණ්ඩල පෙනී සිටින්නේ අදාල මූල්‍ය ආයාතනයේ ණය එකතුකර දෙන්නෙක් ලෙසද යන්නයි. වාරික තුනකින් ණය මුදල ගෙවා දමන ලෙස ණයකාර ආයාතනයේ නියෝජිතයා පවසා සිටින විට එවැන්නක් මට කළ හැකිද යන්න  පිළිබඳ සොයා බැලීමට සමථ මණ්ඩලයේ කිසිවෙකුවත් උත්සාහ නොකරන ලදී. ඔරොත්තු නොදොන ණය වාරිකයක් ගෙවිය යුතු බවට මතයක් ඉදිරිපත් වන විට ණය කරුට, විශේෂයෙන් ණය කරුගේ පවුලේ සාමාජිකයන්ට සිදුවන බලපෑම පිළිබඳ විමසා බැලීමට තරම්වත් හැගීමක් සමථකාර මහත්වරුන්ට නොතිබුණි.සමථ කරණයකට එළඹීමේදි අදාල තීරණයට බලපාන ආනුෂංගික කරුණු ගැන අවධානය යොමු කිරීම සමථ කරණ මූල ධර්මයක් නොවන්නේද යන්න සිතා බැලිය යුතු යම් ආරවුලක් සමථ මණ්ඩලයක් ඉදිරියට යොමු කරන්නේ අදාල පාර්ශ්ව කරුවන්ට එම ආරවුල විසදා ගැනීමට නොහැකි බැවිණි. සමථ මණ්ඩලය ඉදිරියේ සාකච්ඡා වෙමින් පවතින කාරණයක් සම්බන්ධව අදාල ආයතනයට ගොස් කථාකරන ලෙස දැන්වීම විහිළුවක් නොවන්නේද ?

     මෙම සටහන ලියන අවස්ථාවේදි මෙම කරුණු දෙක ගැන සිතා බලන ලද අතර දෙවන අවස්ථාවෙදි සමථ මණ්ඩල පණතේ 15 වන වගන්තිය උල්ලංගණය වී ඇති බව පැහැදිළි වේ. නීතිය ඉදිරියේදි ව්‍යවස්ථාපිත ආයතනයක් හෝ සමාගමක් වැනි නෛතික පුද්ගලයෙකු හැර අනෙකුත් සියළුම ආයතන සළකනු ලබන්නේ පුද්ගලික ආයතන වශයෙනි. පණතේ විධි විධාන අනුව එවැනි අයට නියෝජනයක් ලබා දෙන්නේ කුමන බලතල යටතේද යන්න පැහැදිලි නැත. මෙම සටහන් ලිවීමට කරුණු එකතු කරන අදටද ලංකාවේ සමථ මණ්ඩල වල තත්වය මෙයයි. එක්තරා පුද්ගලික පාසලකට ශිෂ්‍යයින්ගෙන් අයවිය යුතු මුදල් එකතු කිරීමට ප්රෙදේශයේ  බල පුළුවන් කාරයෙකුට පවරා තිබුණි. ඔහු විසින් පොලිසියේද පෙරකී ආයතනය නමින් පැමිණිළි දමා සමථ මණ්ඩලය ඉදිරියේද පෙනි සිට තිබුණි. සමථ මණ්ඩලයක් ඉදිරියේ නෛතික පුද්ගලයා යනු කවරෙක්ද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් සමථ මණ්ඩල පණතේ නැත.

        බැංකු සහ මූල්‍ය ආයතන වලින් පැමිණෙන නියෝජතයින්ට අදාල ආයතන වලින් නිසි නිත්‍යාණ්කූල බලය පැවරීමක් කර නැත. එම ආයතන වෙනුවෙන් හිතූ හිතූ පුද්ගලයින් සමථ සාකච්ඡා වලට පැමිණේ. මෙලෙස පැමිණෙන බොහෝ පුද්ගලයින් කිසිදු තීරණයක් ගැනීමට හැකියාවක්  නැති යටත් සේවකයේ වෙති.

     එක්තරා අවස්ථාවක තමා යටතේ සිටින සේවිකාවක් බිය ගන්වා ඇය ගොළු අයෙක් බවද ඔහු ඇයගේ බාරකරු බවද පවසා දෙවන පාර්ශවකරුගේ මිතුරෙකු පළමු පාර්ශව කාරිය වෙනුවෙන් පෙනී සිට ඇත. මෙම අවස්ථාවෙදි ඇයගේ අබලතාව සනාථ කිරීමට විධිමත් සාක්ෂි හෝ අදාල පුදුගලයා ඇයගේ නිත්‍යාණ්කූල භාරකරු බව සනාථ කිරීමට විධිම්ත් සාක්ෂි සළකා බලා නොතිබුණි. අදද මෙම තත්වය යම්තාක් දුරකට මෙලෙසම පවතින බව කරුණු සොයා බැලීමේදි අනාවරණය විය.

        එක් කාලත්‍රයෙකු වෙනුවෙන් අනෙක් කාලත්‍රයාට පෙනී සිටිමට පණතේ15 වෙනි වගන්තියෙන් විධි විධාන සළසා ඇතත් එය එක් කාලත්‍රයෙක් සිටින විටදීද නොඑසේනම් නැති විටදීද යන්න සඳහන් කර නැත. මෙහිදි පැන නගින කාරණය වන්නේ සමථ වාර්තා සඳහා අත්සන් ලබාගන්නේ නියම පාර්ශ්ව කරුවා වන කාලත්‍රයාගෙන්ද නැතිනම් නියෝජනය කරන කාලත්‍රයාගෙන්ද  යන්නයි. උසාවියට යන ලිපි වලට අත්සන් ලබා ගැනීමේ මෙවැනි අවස්ථා වලදී සමථකාර වරුන් අපහසුතාවන්ට පත්වන බව සටහන් කරුගේ අදහස වේ.සමථ මණ්ඩල පණතේ ඒ පිළිබඳ විධි විධාන සළසා නැත. නීතිය ඉදිරියේ මෙලෙස නියෝජිතයන්ගෙන් ලබාගන්නා අත්සන් කොතරම් දුරට වලංගුද යන්න නීතිය දන්නා බවතුන් විසින් සිතා බලත්වා! අදට බ්ලොග් සටහන නිමයි. නැවත හමුවෙමු.  ආයු බෝවන් !



සමථ කරණය වැදගත් කටයුත්තක්. ඒකට ඇති පහසුකම් ප්‍රමාණවත්ද?


පහුගිය දවසක සටහනකින් පොරෝන්දු වුණ පරිදි සමථ මණ්ඩලවලට එන මහජනතාවට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා ගැන තොරතුරු ටිකක් එකතු කර ගන්නත් හිතාගෙන  ගියා ප්‍රෙදේශයේ සමථ මණ්ඩල රැස්වීමක් තියන තැනකට. හොඳ වෙලාවට සමථ මණ්ඩල කටයුතු ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන රැස්වීම පටන් ගත්ත විතරයි. තමන් කරන කටයුත්ත ගැන මෙතනදි කරන දේවල් ගැන හොඳ විස්තරයක් කෙරෙමින් තිබුණ. එම දේශනාවනම් ඉතා හරවත්. සිත්ගන්නා සුළුයි. ඒත් ඒ රැස්වීම පැවැත්වෙමින් තිබුණේ පුචි පංති කාමරයක. ඒ නිසා ආපු හැමෝටම වාඩිවෙලා කථාව අහන්ඩනම් ලැබුණේ නැහැ. සමථකාර මහත්වරු වගයකුත් කොරිඩෝව දිගේ හිටගෙන තමයි මේ රැස්වීමට සහභාගි වෙලා තිබුණේ. මෙම කාමරටය යාබද තවත් පංති කාමරයක තවත් පිරිසක් අල්ලපු කාමරයෙ වෙන්නේ මොනවද කියල වගේ වගක් නැතිව කයිවාරු ගහමින් හිටිය. මේ අය හැසිරිච්චි විධියටනම් මේ ගොල්ලොත් සමථකාර වරු සහ වරියන්. මෙතන තිබිචිචි ගෝෂාව කථාව අහගෙන හිටපු අයටත් කථාව පවත්වපු මහත්මියටත් ලොකු කරදරයක් වුණා. කථාව පවත්වපු ගරු සභාපති තුමියට සිද්ධ  වුණා කීප වතාවක්ම නිශ්ශබ්දතාව අයද සිටින්න. මේ අය හැමෝම අර රැස්වීමට සහභාගි වුණානම් මේ විධියට තමන්ගෙ ගෞරවයට හාණියක් වෙන්නේ නැහැ කියල තමයි මටනම් හිතුනෙ. එක අතකින් රැස්වීම් ශාලාවෙ ඉඩ මදිකම නිසා වෙන්ඩ ඇති. එහෙමත් නැත්නම් මේ අයට අලුතින යමක් ගැන දැනගන්ඩ දෙයක් නැති නිසා වේන්ඩත් ඇති මෙම රැස්වීමට යන්ඩ නැත්තෙ.. කොහොම වෙතත් මෙවැනි කාරණාත් තමන්ගේ ගරු සේවය බලාපොරොතු වෙලා ආපු මහජනතාවගේ අපේක්ෂා බිඳ වැටෙන්ඩ හේතු වෙන්ඩත් පුළුවන් කියලයි හිතෙන්නෙ.

මේ වගේ වැදගත් කටයුත්තකට නිසි ඉඩකඩ සහ පහසුකම් සහිත තැනැක් ලබා දීමට හැකිනම් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ කියල තමයි මෙම සටහන්කරු නම් කල්පනා කරන්නෙ.

 බොහෝ සමථ මණ්ඩල පවත්වන්නේ පාසලක.  සමථ මණ්ඩල සඳහා ලබාගත හැකි පාසල් ගොඩනැගිලිත් ඉතාමත් අබලන් ඒව. ප්‍රදේශයේ පවත්නා පුංචි  ඉස්කෝලෙක ගොඩනැගිල්ලක් තමයි බොහෝ වෙලාවට ලබාගත හැකිව තිබෙන්නේ. පහසුකම් සහිත ලොකු ස්කෝලවල ගොඩනැගිලි විභාග සඳහා හෝ වෙනත් පාසලේම අවශ්‍යතා සඳහා යොදාගන්නා අතර එම පාසල් සමථ මණ්ඩල සඳහා යොදා ගැනීමට හැකියාවක් නැහැ.


මෙම රැස්වීමේදි දැන ඉගෙන ගත්තු කාරණා එකින් එක ගැන මීලග සටහන් වලින් සළකා බලන්ඩ හිතාගෙන අදට නවතිනව. හැබැයි අර රැස්වීටම යන්නෙ නැතිව ඒකට බාධාවක් කරපු අපේ ගරු සමථකාර මහත්වරුන්ගෙන් සහ මහත්මීන්ගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ වරදක් වුණානම් සමා වෙලා අමනාප නොවන ලෙසයි. සැමට ජය ඉතින් ආයුබෝවන් !..... යලි හමුවෙමු..........

Wednesday, 21 June 2017

සමථ මණඩල මහජනයාට සමීපද

පහුගිය සෙනසුරාදා දිනයක සමථ මණ්ඩල ගැන තොරතුරු ටිකක් එකතුකර ගන්න හිතාගෙන ගියා සමථ මණ්ඩලයක් පැවැත්වෙන තැනකට. යනකොටම දැක්ක දෙයින් නම් එතරම් සුභවාදි සිතුවිල්ලක් ඇති වුණේ නැහැ. ගේට්ටුවෙ දැන්වීමක් එල්ලල තිබුණ ගේට්ටුවෙන් ඇතුළු කළ හැක්කේ සමථකාර වරුන්ගේ වාහන පමණයි කියල. මේක දැක්කට පස්සෙ ප්‍රශ්ණ ගොඩක් ගැන හිත ඇදිල ගියා. අනිත් මිනිස්සුන්ගෙ වාහන වාහන නොවෙයිද? සමථකාර වරුයි කියන්නේ අනෙකුත් සමහර රජයේ නිලධාරින් වගේ මහන්තත්වයක් ආරූඩ කරගත්ත මිනිස්සුද? ඒ මිනිස්සුන්ගෙ වාහන විතරද දුක් මහන්සියෙන් මිලදි අරගෙන තියෙන්නෙ. තමන්ගෙ වාහනයට ආදරය කරන්නේ ඒ අය විතරමද? මෙතෙන්ට එන අනෙක් මිනිස්සුන්ට තමන් දුක් මහන්සියෙන් කැපවීමෙන් ගත්ත වාහනය ගැන තියෙන ඇල්ම ආදරය අත් හරින්න කියලද කියන්නෙ. 

මේ වාගෙ පම්පෝරි බෝඩ් ලෑලි වෙනත් තැන්වල එල්ලල තිබුණට නම් කමක් නැහැ. මොකද අපේ රටේ බොහොමයක් රාජ්‍ය ආයතන තියෙන්නෙම අහිංසක මහජනතාවට පුප්පන්නනෙ. සමථ මණ්ඩලයක් කියන්නෙ කිසිදු ලාබ අපෙක්ෂාවක් නැතිව මහජනතාවට ගරු සේවය කරන පිළිගතහැකි  අය ඉන්න තැනක් නම් මේ වාගේ බෝඩ් ලෑලි ඒ වාගෙ තැන්වලට ගැලපෙනවද? මේ වාගෙ වැඩ වලින් මහජනතාවගේ සිත් සතන් තුළ සමථ මණ්ඩල වැඩ පිළිවෙළ ගැන විශ්වාෂයක් ගරුත්වයක් ඇති වෙයිද? ඇත්තටම මේ වාගෙ දේවල් වලින් වෙන්නෙ සමථ මණ්ඩල වල ගරු කටයුතු සමථකාර වරුන් මහජනතාව ඉදිරියේ හෑල්ලුවකට ලක් කිරීම නොවෙයිද?

මේ සමථ මණ්ඩලයට පැමිණෙන මහජනතාවගෙ වාහන පාක් එක වෙලා තියෙන්නෙ පාසල ඉදිරිපිට පටු පාර. මේ පාර එතරම් පළල නැහැ. නාගරික ප්‍රදේශයක් බැවින් නිරතුරුවම වාහන තදබදයක් පවතිනව. මේ තත්වය මතම මෙතෙන්ට පැමිණෙන මහජනතාවට තමන්ගෙ වාහන තලාගන්න හූරගන්න සිද්ද වෙච්චි අවස්ථාත් තිබුණ බව එහි සිටින ආරක්ෂක නිලධාරිය තුමිය අපෙත් එක්කමයි  කිව්වෙ. ඉතින් අපි එයාගෙන් ඇහැව්ව . පාසල් භූමිය තුළ මෙතරම් ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙද්දිත් ඇයි වාහනයක් ඇතුළට දාගන්ඩ ඉඩ දෙන්නේ නැත්තෙ  කියල. එයා එතකොට කිව්ව වාහන දාපුවහම ඇතුලෙ තියන දේවල් වලට අලාභහාණි කරනවලු. ඇයි හත්වලාමෙ මේකටනෙ මේ ආරක්ෂක නිලධාරි තුමිය ඉන්නෙ. මේ ආරක්ෂක නිලධාරි තුමියට සමථ මණ්ඩල කොමිෂන් සභාවෙනුත් ගානක් ගෙවනවලු කියලත් අපිට පස්සෙ ආරංචි වුණා.

             කොහොම වුණත් අපි බලමු වාහනයකින් එන මනුස්සයෙකුට තමන්ගෙ වාහනේ පාරේ දාල ගිහිල්ල ඒ ගැන හිත හිතා තමන් ආපු කාරණාව හරියට කරගන්ඩ පුළුවන්ද කියල. මෙතෙන්ට එන්නේ යම්කිසි ගැටුමකට මුහුණ දීල ඒ ගැටුම දුර දිගගිහිල්ල අමාරුවෙ වැටිච්චි මිනිස්සු. තමන්මේගේ විරුද්ධ පාර්ශවයේ කට්ටියත් මෙතනටම එනව කියන කාරණාවත් වැදගත්. තමන්ගෙ වාහනයට විරුද්ධ කාරයන්ගෙනුත් අනර්ථයක් වෙන්ඩ පුළුවන්. මොකද ලංකාවේ සමථ මණ්ඩල තුළම මිනි මරාගත්ත අවස්ථාත් නැතිව නෙමෙයිනෙ. දුක්ගැනවිල්ලකට මුහුණ දීපු මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රශ්ණ විසඳ ගන්න අවශ්‍ය සාර්ථක තීරණයකට යන්න නම් හොඳ මානසික තත්වයක් තිබිය යුතුයි. සමථ මණ්ඩලයකට යන මනුෂ්‍යයෙකුට තමන්ගෙ ප්‍රශ්න විසදා ගන්න පුළුවන් පරිසරයක් සකස් කර දීමත් අදාල බලධාරින්ගෙ වග කීමක්. 

 අපි නිකමට වාගේ මේ ගැන දන්න හදුනන සමථකාර මහත්තයේකුගෙන් දෙන්නෙකුගෙනුත් අහල බැලුව. ඒ අයත් මේ කාරණාව ගැන බොහොම හිතේ අමාරුවෙන් තමයි කථා කළේ. ඒ අයත් බොහෝ කරුණු කාරණාවලට යටත් වෙලා තමයි මේ ස්ථානය තමන්ගෙ කටයුත්තට ලබාගෙන තියෙන්නේ. මේ වගේ පුංචි පුංචි කාරණා නිසා සමථ මණ්ඩල පිහිටවීමේ අරමුණ කොතරම් දුරට සාර්ථක වෙනවද කියන කාරණාව ගැන කීප වරක්ම හිතා බැලිය යුතුයි.

මේ සටහනින් පෙන්වපු කාරණාව පුංචි එකක් තමයි අපි ආයෙත් දවසක බලමු මෙයට වඩා ලොකු දේවල් වලටත් මෙතෙන්ට එන ජනතාවට මුහුණ දේනඩ වෙනවද කියල. ඉතින් ආයුබෝවන්. නැවත හමුවෙමු.








Tuesday, 13 June 2017

සමථ මූල මණ්ඩය සහ සමථ මණ්ඩලය

සමථ මූල මණ්ඩය සහ සමථ මණ්ඩලය

    වැඩි දෙනෙක් භාවිතා කරන්නේ සමථ මණ්ඩලය කියන වචනය. එහෙත් සමථ මූල මණ්ඩලය කියල වචනයකුත් භාවිතා වෙනව. අපි කලින් සටහනකින් කථා කළා සමථ මූල මණ්ඩලය කියන්නේ  මොකකක්ද කියල. සමථ මණ්ඩල ප්‍රදේශයක් සඳහා පත් කරනු ලබන කිසියම් සාමාජික සංඛ්‍යවකින් සමන්විත මණඩලයක තමයි සමථ මූල මණ්ඩලය කියන්නෙ. මේ සාමාජිකයන් අතරින් එක් අයෙක් සමථ මූල මණ්ඩලයේ සභාපති ලෙස පත්කරනව. මෙලෙස පත්කරනු ලබන සභාපති උත්තමයට හෝ උත්තමාවියට කියන්නෙත් සමථ මණ්ඩලයේ සභාපති තුමා හෝ තුමිය කියලයි. ඇත්තටම මේ අය සමථ මණ්ඩලයේ සභාපති වරයා හෝ වරිය නොව සමථ මූල මණ්ඩලයේ සභාපති වරයා හෝ වරියයි.

        එසේ නම සමථ මණ්ඩලයක් කියන්නේ මොකක්ද? සමථ මණ්ඩලයක් කියන්නේ සමථ මූල මණ්ඩලයේ සභාපති වරයා හෝ වරිය වෙත යම් කිසි ආරවුලක් හොමු වූ අවස්ථාවක ඒ ආරවුලට සම්බන්ධ පාර්ශ්ව කරුවන් අතර සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පත් කරනු ලබන තුන් දෙනෙකුගෙන් සමන්විත මන්ඩලයකටයි. මේ මණ්ඩලයේ තුන් දෙනාගෙන් එක් අයෙක් ප්‍රධාන සමථකාර වරයා හෝ වරිය ලෙස පත්කරනු ලබනව. ඊලග සටහනින් අපි බලමු මේ සමථ මණ්ඩලය සහ එහි ප්‍රධාන සමථකාරවරයා පත් කරන්නේ කවුරුන් විසින්ද එසේ පත් කනු ලබන්නේ කෙසේද යන්න කියන කාරණා පිළිබඳ. එතෙක් අදට නවතිමි . ආයුබෝවන් .........

Saturday, 10 June 2017

සමථකාර වරයා හෝ වරිය කෙසේ විය යුතුද?

සමථකාර වරයා කෙසේ විය යුතුද ?

සමථ මණ්ඩල පණතට අනුව සමථ කරණය කියන්නේ කුමක්ද යන්න ගැන නිර්වචනයක් කරල තියනව. නිත්‍යාණුකූල මාර්ග වලින් ආරවුල් කරුවන් අතර සුහද නිරවුල් කිරීමක් ඇති කිරීම පිණිස උත්සාහ කිරීමද ඔවුන්ගේ කැමැත්ත ඇතිව සහ ක්‍රියාත්මක කළ හැකි සෑම අවස්ථාවකදීම ඒ ආරවුල හෝ වරද නැවත ඇතිවීම වැළැක්වීම පිණිස ඔවුන්ගේ දුක්ගැනවිල්ලේ නියම හේතුව ඉවත් කිරීමද විය යුතු බවයි සඳහන් වෙන්නේ. 

සමථ මණ්ඩල පණතේ විධිවිධාන  අනුව සමථකාරවරයෙකුට යම් බලතල ප්‍රමාණයක් තිබෙන බව ඉහත නිර්වචනය අනුව පෙනි ගියත් සමථකරණ මූළ ධර්ම මෙයට වඩා වෙනස්. සාර්ථක සමථ කරණයක් සඳහා සමථකාර වරයා තවත් නඩුකාරයෙකු නොවිය යුතු අතර ඔහු තීන්දු තීරණ දෙන්නෙක්ද නොවිය යුතුයි. තවද සමථ කාර වරයා අපක්ෂපාති,ඉවසන සුළු, අවංක, පරිණතරහස්‍යතාව පවත්වාගෙන යා හැකි,සාධාරණ, යහපත් චේතනා සහිත, ප්‍රිය මනාප පුද්ගලයෙකු විය යුතුයි. එමෙන්ම ස්වයංතීරණ සහ තම අදහස් වලට අවනතව කටයුතු නොකරන පුද්ගලයෙක් විය යුතුයි. තවද සම
ථකාර වරයා  පිළිගත හැකි පුද්ගලයින් විය යුතුයි. එසේ නම් සමථකාරවරයා පහත සඳහන් ආකාරයේ පුද්ගලයෙකු නොවිය යුතුයි.තම පවල් සංස්ථාව තුළ ආරවුල් ඇත්තෙක් නොවිය යුතු අතර සාර්ථක පවුල් දිවියක් ගත කරන අයෙකු විය යුතුය.
  1. අනුන්ගේ අදහස් ඉවසන සුළු සවන් දිය හැකි පුද්ගලයෙක් විය යුතුය. 
  2. දැඩි මතධාරි පුද්ගලයෙකු නොවිය යුතුයි. 
  3. අවංක ආදර්ශමත් පුද්ගලයෙකු විය යුතුයි 
  4. අපක්ෂපාති මැදහත් පුද්ගලයෙකු වියි යුතුයි
  5. තම අසල් වාසීන් සමඟ මෙන්ම තමාට හමුවෙන සියළු පුද්ගලයින් සමඟ  සුහදව කටයුතු කරන අයෙක් විය යුතුය.
  6. තමා යම්  රාජකාරියක් කර තිබේනම් හෝ  දැනටමත් යම් රාජකාරියක නිරත වෙන්නේ නම් අල්ලස් ලබා ගත් අයෙක් හෝ දැනටමත් අල්ලස් ලබා ගන්නා අයෙකු නොවිය යුතුයි.
  7. පුද්ගලික ලාභ අපේක්ෂාවන්ගෙන් තොරව කටයුතු කරන අයෙක් විය යුතුයි.
  8. සමථකාරවරයා පරිනත පුද්ගලයෙකු විය යුතු බවට අදහස් කර ඇතත් එයින් අදහස් කරන්නේ ඔහු වියපත් තැනැත්තෙකු නොවිය යුතුය යන්න බැවින් ඔහු තීරණයක් ගත නොහැකි තත්වයට වියපත් වූවෙක් නොවිය යුතුයි.
  9. සමාජයේ නව ප්‍රවනතාවන් ගැන දැනුම ඇත්තේකු විය යුතුයි. 
  10. ක්‍රියාකාරි දේශපාලනයේ නොයෙදෙන තැනැත්තෙකු විය යුතුයි.
  11. අපකීර්තිමත් කටයුතුවල යෙදෙන්නෙක් නොවිය යුතුයි.
  12. නිලලෝභි සහ බලලෝභි පුදුගලෙයෙකු නොවිය යුතුයි. 
  13. ප්‍රිය මනාප නිරහංකාර පුද්ගලයෙකු විය යුතුයි.
  14. සමථ කරණ භූමිකාව සහ ඒ සඳහාම ලැබෙන සාම විනිසුරු භූමිකාව ආභරණයක් කරගත් අයෙකු නොවිය යුතුයි
  15. නඩුකාර වරයෙක් නොවිය යුතුය.
 ඔබ ප්‍රදේශයේ සමථකරණයේ නියෙලෙන්නන් මෙවැනි පුද්ගලයින්ද? ඔබේ අසල් වාසින් මිතුරන් හෝ ඔබේ ගමේ ඔබ දන්නා හදුනන සමථකාර මහත්වරුන් සහ මහත්මියන් බොහෝ සිටිය හැක. ලංකාවේ සමථකරණ කටයුතු සිද්ධ වන්නේ කෙබදු පුද්ගලයින් අතින්ද හොදින් විමසා බලන්න. ජූරිය ඔබයි.  සමථකරණ කටයුතුය  සාර්ථක වන්නේ සමථකරුවා කෙබදු ආකාරයක පුද්ගලයෙකු වීම මතම බැවින්  අපි ඔහු ගැන තවදුරටත් කථා කරමු.  අදට නවතිමි ඉතින් ආයුබෝවන් .....




Thursday, 8 June 2017

වරදක නිජබිම හෙවත් ගැටුම



වරදක නිජබිම හෙවත් ගැටුම

මිනුසුන් අතර නොයෙකුත් හේතුන් නිසා විවිධ ආකරයේ ගැටුම් ඇතිවෙනව. මෙම ගැටුම ඇතිවෙන්නේ බොහෝ විට එකිනෙකට සම්බන්ධ අය අතර. සමහර විටක පවුලේ අය අතර වෙන්ඩ පුළුවන් නැත්නම් අසල් වැසියන් අතර වෙන්ඩත් පුළුවන් එහෙමත් නැත්නම් තමන් ගනු දෙනුවක් කරන අය අතර වෙන්ඩත් පුළුවන්. කලාතුරකින් අවස්ථාවක තමන් නොදන්නා එහෙම නැත්නම් කලින් සම්බන්ධතාවක් නොමැති හදිසියේ මුණගැසුණු අය සමග වෙන්ඩත් පුළුවන්.

කොහොම වෙතත්  ගැටුම කියන්නෙ එකිනෙකට වෙනස් තත්වයන් මත ඇති වන්නාවු ප්‍රතිළුලයක්. මෙම ගැටුම බොහෝ විට තමන් විසින් සිතා ගත් සත්‍ය වශයෙන්ම නොපවතින දෙයක් නිසා වෙන්ඩත් පුළුවන්. එහෙමත් නැත්නම් තම තමන්ගේ ඕනෑ එපාකම් නිසා ඇතිවෙච්චි දෙයක් වෙන්ඩත් පුළුවන්. එහෙමමත් නැත්නම් පවත්නා සීමිත සම්පත් ප්‍රමාණයක් අසිමිත අවශ්‍යතාවන් සඳහා බෙදාගැනීමට යාම නිසා ඇතිවෙන දෙයක් වෙන්ඩත් පුළුනවන්. මේ කාරණා හැරුණාම එක් එක් අය අගය කරන සාර ධර්ම ගති පැවතුම්, ආදි නොයෙක් ක්‍රියාකාරකම් නිසා ගැටුම් ඇති වෙන්ඩත් පුළුවන්. වැරදි තොරතුරු ලැබීම මත ගැටුම් ඇතිවෙන්ඩත් පුළුවන්. ඇතිවෙන ගැටුම් බොහෝ අවස්ථාවලදි කිසිදු පදනමක් නැති අනවශ්‍ය ගැටුම් වගේම සත්‍ය වශයෙන්ම පවතින්නා වු ගැටුමක් වෙන්ඩත් පුළුවන්. මොන ආකරයකට ගැටුමක් ඇතිවුණත් මේ ගැටුම් පිටිපස්සෙ තියෙන්නෙ මොකක් හරි අවශ්‍යතාවක් වෙනත් විධියකට කිව්වොත් මොකක් හරි වුවමනාවක්.

මිනිසුන් අතර මෙන්ම සත්තු අතරත් බොහෝ විට ගැටුම් ඇතිවෙනව. සත්තුනම් මේ වෙලාවට කාගෙන කාගෙන ගිහින් මරා ගන්නව. සමහර මිනිස්සුත් ඉන්නව සත්තු වගේ අය. ඒ අය තමයි මේ වගේ අවස්ථාවලදි ගහ මරා ගන්නේ. 

මිනිසුන් අතර ඇතිවන මේ වගේ ගැටුම් නැත්නම් ඝට්ඨන ආරවුල් සහගත තත්වයක් දක්වා වැඩි දියුණු වෙලා එම ආරවුල් තව දුරටත් දියුණු වෙලා ඒව එකිනෙකාට විරුද්ධව කරනු ලබන වරදවල් බවට පත්වෙනව. වරදක් කියන්නේ මොකක් හෝ නීතියක් මගින් නොකළ යුතු බවට සඳහන් කරපු දෙයක් කිරීම මේන්ම කළයුතු බවට සඳහන් කළ දෙයක් නොකර සිටීම කියලත් කියන්ඩ පුළුවන්. මෙම වරදවල් ගැන සඳහන් කරපු විශේෂ අණ පණත් ඇරුණහම ශ්‍රි ලංකාවේ පවත්නා ප්‍රධාන ලේඛනය තමයි දන්ඩ නීති සංග්‍රහය කියන්නේ.

මිනුසුන් අතර ගැටුමක් ආරවුලක් ඇති වුණාම ඒව වරදක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදී සාකච්ඡා කරල විසඳ ගන්න අයත් ඕන තරම් ඉන්නව. එහෙම සාකච්ඡා කරල විසඳගන්න බැරි වුණාම මේව විසඳ ගන්න කාගෙ හරි උදව් අවශ්‍ය වෙනව. මෙහෙම උදව් ඉල්ලගෙන සමහර අය යන්නෙත් තමන් දන්න අදුරන කෙනෙක් ලගට. වෙනත් වචෙනෙකින් කිව්වොත් අපි වගේ ගොඩ පෙරකදෝරුවෙක් ලගට. මේ වගේ අවිධිමත් අයගෙ  උදව් නිසා බොහෝ වෙලාවට වෙන්නේ ගැටුම්කාරි තත්වය උත්සන්න වීම. සමහර වෙලාවල් වලට ග්‍රාම සේවක මහත්තයගේ හරි පළාත්පාලන ආයතනයක බලධාර්න්ගෙ හරි උදව් පතන අවස්ථාත් තියනව. කොහොම හරි ඇතිවෙචිචි ආරවුල විසඳ ගන්න හරි නැතිනම් ආරවුල වැඩි දියුණු වෙලා හොම්බට දෙකක් ඇනල වරදක් කරල හරි අන්තිමේදි ගමේ පොලිසියටත් යන්න වෙනව. අපි ඊලගට බලමු ආරවුල විසඳ ගන්න ගමේ පොලිසියට හෝ වෙනත් බලධාරියෙක් ලගට ගියහම වෙන්නේ මොකක්ද කියල. ඉතින් ආයුබොවන් තවත් කරුණු කාරණා හොයාගෙන නැවත හමුවෙමු

සමථකරණයේ දිසානතිය - නෙතග බැල්මක්......

  දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි. https://www.facebook.com/search/top...