Email - bgaloy@gmail.com
mbile - 094+714545306
feace book - https://www.facebook.com/bgaloy
twitter - https://twitter.com/Bgaloy
bloggs
list -
වත්තල විත්ති
- https://wattalawiththi.blogspot.com/
වත්තල කොළඹට ආසන්නයේ පිහිටි ඉතා සුන්දර පරිසර
පද්ධතියකින් සැදුම් ලත් කඩිනමින් දියුණු වෙන නගරයකි. වත්තල ගැන බොහෝ දෙනා
නිරතුරුවම අපෙන් අසන්නේ අප වත්තල නිසාය. වත්තල ගැන ලියවුණු බොහෝ දේ ඇත.එහෙත් තවත්
බොහෝ දේ වත්තල ගැන ලියවිය යුතුමය. මෙම සටහනට දැනටමත් වත්තල ගැන ලියවී ඇති සියළු
තොරතුරු ලින්ක් වශයෙන් එකතු කරමි. තව අවුරුදු
දහයකින් වත්තල මෙසේ නොවනු ඇත. එදාට වත්තල ගැන දැක අසා ගැනීමට මෙය ප්‍රයෝජනවත් විය
හැක. ඔබ වත්තල ගැන සියළු දේ කොමන්ට් වශයෙන් හෝ වෙනත් ක්‍රමයකින් අප වෙත
එවන්න.අදහස් සහ විවේචන ඉතාමත් අගය කරමි.
කවි කඩු
- https://kawikadu.blogspot.com/
සටහන් කරු
වරලත් කවියෙකු නොවේ. කවිය අවියක් කර ගත්තෙකි. කාව්‍ය ශාස්ත්‍රය ගැන මෙලෝ හසරක්
නොදනී. විරිත් සිරිත් ආදිය ගැන
අවබෝධයක් නැත. සිංහල භාෂාව ගැන වුවද පරතෙරට ගිය දැනුමක් නැත. දකින අසන දේ පිළිබඳ
යම් අදහසක් සිතට එන ලෙස කවියක් නොවන කවියකින් කියා පෑම පුරැද්දක් කොට ගත්තෙකි.
හේනේ පාරුවේ කවි කිව් ගැමියන්ට තිබුණේ කාව්‍ය ශාස්ත්‍රය පිළිබද දැනීමක් නොව තම
පාළුව තනිකම පිළිබද අදහසක් බව සටහන් කරු නිතර සිතයි. කවියේ අයිතිකරුවන්
කමත්වා.........
සමථ මණ්ඩල -
https://samathamandela.blogspot.com/
මහජනයා අතර ඇතිවන ආරවුල්, ඒවාට ගොදුරු වන්නන්ගේ ජීවිත වලට විශාල බලපෑමක් ඇති
කරවයි. ආරවුල් නිරාකරණය සඳහා සරල සහ සාර්ථක ක්‍රියාවලියක් ලෙස සමථ මණ්ඩල ක්‍රමය
ලංකාවට හදුන්වා දී ඇත. සමථ මණ්ඩල ක්‍රමයෙන් අපේක්ෂිත අරමුණු නිසි පරිදි ඉටුවන්නේද
මහජන සේවාවක් ලෙස එය අගය කළ හැකිද යන්න පිළිබද සාධාරණවූත් සදාචාර සම්පන්න වූත්
විවේචනාත්මක විමර්ශණයක යෙදීම මෙම බ්ලොක් සටහනේ අරමුණයි. සමථ මණ්ඩල ක්‍රමය මහජනතාවට
වඩාත් සමීප විය යුතු බව ඒ පිළිබද දීර්ඝ කාලීන පර්යේෂණයක යෙදී සිටින සටහන් කරුගේ
අදහස වේ.
මාර මරාල
- https://maramarala.blogspot.com/
ජන ජීවිතය පවත්වාගෙන යාමට අදාල සේවාවන් ඉටු කිරීමේදි
අදාල බලධාරින්ගේ නොසළකා හැරීම්.වැරදි, අනවශ්‍ය බලපෑමි,සහ විෂයය පිළිබඳ දැනුවත් නොවීම ආදි ක්‍රියාවන් තුලින්
මහජනතාවට ඉතා බරපතල ලෙස හිරිහැර සහ
චික්ත පීඩාවන්
සිදුවේ. මෙවැනි ක්‍රියාවන් විවෙචනාත්මකව සහ විමර්ශණාත්මකව හෙළිදරව් කිරීම තුලින්
මෙවැනි තත්වයන් මග හරවා ගැනීමට මහජනතාව දැනුවත් කිරීම සහ අදාල බලධාරින්ගේ නෙත්
විවර කිරීම සටහන් කරුගේ අරමුණ වේ.
පැත්තේ විපරම් - https://pattaviparam.blogspot.com/
අප ජීවත්වන පරිසරයේ සිදුවීම් සහ යම් යම් වැදගත් කාරණා කොටින්ම කියනවානම ඔිපාදූප,තරගකාරි මාධ්‍යකරණයක් තුළින් ලොවට කියාපෑම මෙම බ්ලොග් සටහනේ අරමුණ නොවේ.සිදුවන දේ සහ වැදගත් කරුණු අවශ්‍ය අයෙකුට දැන ගැනීම සදහා සටහන් කර තැබීම මෙම සටහනේ පරම අදහසයි
No comments:
Post a Comment