රටක උත්තරීතර ආයතනය
වෙන්නේ ගරු අධිකරණය. රටක ජීවත්වන සියළු
දෙනාම නීතියේ ආධිපථ්යයට ගරු කළ යුතුයි. එනිසාම උසාවිය ගියන්නේ, ගරු අධිකරණය
කියන්නේ ඉතාමත් ගරු ගාම්බීර තැනක්. උසාවිය යුක්තිය පසිදලීමේ කාර්යයේදී කරන්නේ
සාක්ෂි මත පදනම්ව තීන්දු තීරණ ලබා දීමයි. මෙහිදී බොහෝ විට සැකයේ වාසිය ලැබෙන්නේ
විත්ති පක්ෂයට. ඒ කියන්නේ ඕනෑම කාරණයක් සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කළ යුතුයි
යන්නයි..
ලංකාවේ අධිකරණ ක්රියාකාර්ත්වය
අනුව තමන් වෙනුවෙන් තමන්ට පෙනී සිටිය හැකි වෙතත් එය ඉටුවෙන්නේ ඉතාමත් කලාතුරකින්.
සැමවිටම සිද්ධ වේන්නේ නීතිඤ සහය සහ උපදෙස් ලබාගන්ඩ.මේ වගේ සහය සහ උපදෙස් ලබාගන්ඩ
නීතිඥ මහත්වරුන්ට ගෙවන්ඩ සිද්ධ වෙනුව.අතීතයේදි නිතිඥ මහත්වරුනට ගෙවල තියෙන්නෙ ගිනි
වලින්. ඒකයි නිතිඥයො ගිනි කනව කියල සමාජයේ කථවකුත් තියෙන්නෙ. ගිනි කෙසේ වෙතත් අදත්
නිතිඥ මහත්තුරුන්ගේ සහාය ලබාගන්න ගියහම පිච්චෙන්න තමයි වෙන්නෙ. කොයි තරම් නීති
සහාය ලබාගතත් සෑම විටම එක පාර්ශවක් ජය ගන්නව. එක පාර්ශවක් ජය ගන්නව කියනේනේ
දෙපැත්තම පරදිනව කියනනඑක කියලයි දවසක් අහගෙන හිටපු සම්ථ මණ්ඩල ආරම්භක රැස්වීමෙ
පැවැත්වෙචචි දේශනාවෙදි කිව්වේ. ඒකත් ඇත්ත තමයි කවුරු දිනුවත් දෙපැත්තෙ තිබිච්චි
වෛරය තරහව අඩුවෙන්නෙ නැහැ. ලැබෙන තීන්දුව අනුව වෛරය තව තවත් වැඩි වෙනව. අනිත්
පැත්තෙන් සාක්කුවත් හිස් වෙලා. ආරවුලට මුල් වෙච්චි හේතුවත් බොහෝ විට එතනමයි. ඒ මදිවට මේවට ගත වෙන කාලයත් අසාමාන්‍යයයි. මේ
අනුව නැතිවෙන දේවල් බොහොමයි. ඒ නිසාම වෙන්ඩ ඇති එදා අර රැස්වීමෙදි කිව්වෙ නඩු
ගියහම දෙපැත්තම පරදිනව කියල. නඩු යන්නෝ පරදින්නෝ කියල ජන වහරකුත් තියනවනෙ.
සමථ මණ්ඩල රැස්වීමෙදි
තවත් දෙයක් කියවුණා.යම් ආරවුලක් සමථ වීමෙන් ලැබෙන ප්රතිඹලය ජය ජය විසුදුමක් කියල.
මෙහිදි පාර්ශ්වයන් දෙකම පරදින්නේ නැහැලු. දෙපැත්තම දිනනවලු. අපි බලමු එහෙම වෙන්නේ
කොහොමද කියල.ඒක ගැන කියන්ඩ ඉස්සෙල්ල සමාදාන වෙනව කියන එක ගැනත් යමක් කියන්ඩ ඕනැ.
බොහෝ කෙනෙක් කියන්නේ සමථ මණ්ඩලේදි සමාදාන වුණා කියලයි. එදා රැස්වීමෙදික් සමාදානය
කියන වචනය කීප වාරයක්ම එහා මෙහා ගියා. අපිනම් හිතන්නෙ සමාදානය කියන්න් බොහෝවිට යම්
කෙනෙකුට තියෙන අධිකාරි බලයක් මත කරන බල කිරීමක් මත සිද්ධ වෙන දෙයක් කියල. හැබැයි
ස්වේච්චාවෙන් සමාදාන වෙන අවස්ථාත් තියනව.
සමථ මණ්ඩලයෙන් අපෙක්ෂා
කරන්නේ එම මණ්ඩලය වෙත ආරවුල්ක් ලැබුණු විට නිත්‍යාණුකූල මාර්ග වලින් පාර්ශ්ව
කරුවන් අතර සුහද නිරවුල් කිරීමක් ඇති කිරීම පිණිස උත්සාහ කිරීම සහ ඔවුන්ගේ කැමැත්ත
ඇතිව සහ ක්‍රියාත්මක කළ හැකි සෑම අවස්ථාවකදීම ඒ ආරවුල නැවත සිදුවීම වැලැක්වීම පිණිස
ඔවුන්ගේ දුක්ගැනවිල්ලේ නියම හේතුව ඉවත් කිරීමද බවයි සමථ මණ්ඩල පණතේ සඳහන් වෙන්නේ.
මෙම සටහනින් උසාවියේදි
වෙන දේ අපි හොදටම කථා කළා. අපි ඊලග සටහනින් බලමු සමථ මණ්ඩලයෙදි මොනවද වෙන්නෙ සමථ
මණ්ඩලයෙන් අපෙක්ෂිත ඉහත දක්වන ලද කාර්යය ඒ අයුරින්ම ඉටුවෙනවද කියන කාරණා ගැන. අදට
නවතිමි සැමට ආයු බෝවන් .....නැවත
හමුවෙමු...........
No comments:
Post a Comment