පහුගිය සෙනසුරාදා දිනයක සමථ මණ්ඩල ගැන තොරතුරු ටිකක් එකතුකර ගන්න හිතාගෙන ගියා සමථ මණ්ඩලයක් පැවැත්වෙන තැනකට. යනකොටම දැක්ක දෙයින් නම් එතරම් සුභවාදි සිතුවිල්ලක් ඇති වුණේ නැහැ. ගේට්ටුවෙ දැන්වීමක් එල්ලල තිබුණ ගේට්ටුවෙන් ඇතුළු කළ හැක්කේ සමථකාර වරුන්ගේ වාහන පමණයි කියල. මේක දැක්කට පස්සෙ ප්‍රශ්ණ ගොඩක් ගැන හිත ඇදිල ගියා. අනිත් මිනිස්සුන්ගෙ වාහන වාහන නොවෙයිද? සමථකාර වරුයි කියන්නේ අනෙකුත් සමහර රජයේ නිලධාරින් වගේ මහන්තත්වයක් ආරූඩ කරගත්ත මිනිස්සුද? ඒ මිනිස්සුන්ගෙ වාහන විතරද දුක් මහන්සියෙන් මිලදි අරගෙන තියෙන්නෙ. තමන්ගෙ වාහනයට ආදරය කරන්නේ ඒ අය විතරමද? මෙතෙන්ට එන අනෙක් මිනිස්සුන්ට තමන් දුක් මහන්සියෙන් කැපවීමෙන් ගත්ත වාහනය ගැන තියෙන ඇල්ම ආදරය අත් හරින්න කියලද කියන්නෙ.
මේ වාගෙ
පම්පෝරි බෝඩ් ලෑලි වෙනත් තැන්වල එල්ලල තිබුණට නම් කමක් නැහැ. මොකද අපේ රටේ
බොහොමයක් රාජ්‍ය ආයතන තියෙන්නෙම අහිංසක
මහජනතාවට පුප්පන්නනෙ. සමථ මණ්ඩලයක් කියන්නෙ කිසිදු ලාබ අපෙක්ෂාවක් නැතිව මහජනතාවට ගරු
සේවය කරන පිළිගතහැකි අය ඉන්න තැනක් නම් මේ
වාගේ බෝඩ් ලෑලි ඒ වාගෙ තැන්වලට ගැලපෙනවද? මේ වාගෙ වැඩ වලින් මහජනතාවගේ සිත් සතන්
තුළ සමථ මණ්ඩල වැඩ පිළිවෙළ ගැන විශ්වාෂයක් ගරුත්වයක් ඇති වෙයිද? ඇත්තටම මේ වාගෙ
දේවල් වලින් වෙන්නෙ සමථ මණ්ඩල වල ගරු කටයුතු සමථකාර වරුන් මහජනතාව ඉදිරියේ
හෑල්ලුවකට ලක් කිරීම නොවෙයිද?
මේ සමථ
මණ්ඩලයට පැමිණෙන මහජනතාවගෙ වාහන පාක් එක වෙලා තියෙන්නෙ පාසල ඉදිරිපිට පටු පාර. මේ
පාර එතරම් පළල නැහැ. නාගරික ප්‍රදේශයක් බැවින් නිරතුරුවම වාහන තදබදයක්
පවතිනව. මේ තත්වය මතම මෙතෙන්ට පැමිණෙන මහජනතාවට තමන්ගෙ වාහන තලාගන්න හූරගන්න සිද්ද
වෙච්චි අවස්ථාත් තිබුණ බව එහි සිටින ආරක්ෂක නිලධාරිය තුමිය අපෙත් එක්කමයි කිව්වෙ. ඉතින් අපි එයාගෙන් ඇහැව්ව . පාසල්
භූමිය තුළ මෙතරම් ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙද්දිත් ඇයි වාහනයක් ඇතුළට දාගන්ඩ ඉඩ
දෙන්නේ නැත්තෙ කියල. එයා එතකොට කිව්ව වාහන
දාපුවහම ඇතුලෙ තියන දේවල් වලට අලාභහාණි කරනවලු. ඇයි හත්වලාමෙ මේකටනෙ මේ ආරක්ෂක
නිලධාරි තුමිය ඉන්නෙ. මේ ආරක්ෂක නිලධාරි තුමියට සමථ මණ්ඩල කොමිෂන් සභාවෙනුත් ගානක්
ගෙවනවලු කියලත් අපිට පස්සෙ ආරංචි වුණා.
කොහොම වුණත් අපි බලමු
වාහනයකින් එන මනුස්සයෙකුට තමන්ගෙ වාහනේ පාරේ දාල ගිහිල්ල ඒ ගැන හිත හිතා තමන් ආපු
කාරණාව හරියට කරගන්ඩ පුළුවන්ද කියල. මෙතෙන්ට එන්නේ යම්කිසි ගැටුමකට මුහුණ දීල ඒ
ගැටුම දුර දිගගිහිල්ල අමාරුවෙ වැටිච්චි මිනිස්සු. තමන්මේගේ විරුද්ධ පාර්ශවයේ කට්ටියත් මෙතනටම එනව කියන කාරණාවත් වැදගත්. තමන්ගෙ වාහනයට විරුද්ධ කාරයන්ගෙනුත් අනර්ථයක් වෙන්ඩ පුළුවන්. මොකද ලංකාවේ සමථ මණ්ඩල තුළම මිනි මරාගත්ත අවස්ථාත් නැතිව නෙමෙයිනෙ. දුක්ගැනවිල්ලකට මුහුණ දීපු මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රශ්ණ විසඳ ගන්න
අවශ්‍ය සාර්ථක තීරණයකට යන්න නම් හොඳ මානසික තත්වයක් තිබිය යුතුයි. සමථ මණ්ඩලයකට
යන මනුෂ්‍යයෙකුට තමන්ගෙ ප්‍රශ්න විසදා ගන්න පුළුවන් පරිසරයක් සකස් කර දීමත් අදාල
බලධාරින්ගෙ වග කීමක්.
අපි නිකමට වාගේ මේ ගැන දන්න හදුනන සමථකාර
මහත්තයේකුගෙන් දෙන්නෙකුගෙනුත් අහල බැලුව. ඒ අයත් මේ කාරණාව ගැන බොහොම හිතේ
අමාරුවෙන් තමයි කථා කළේ. ඒ අයත් බොහෝ කරුණු කාරණාවලට යටත් වෙලා තමයි මේ ස්ථානය
තමන්ගෙ කටයුත්තට ලබාගෙන තියෙන්නේ. මේ වගේ පුංචි පුංචි කාරණා නිසා සමථ මණ්ඩල
පිහිටවීමේ අරමුණ කොතරම් දුරට සාර්ථක වෙනවද කියන කාරණාව ගැන කීප වරක්ම හිතා බැලිය
යුතුයි.
මේ සටහනින් පෙන්වපු
කාරණාව පුංචි එකක් තමයි අපි ආයෙත් දවසක බලමු මෙයට වඩා ලොකු දේවල් වලටත් මෙතෙන්ට එන
ජනතාවට මුහුණ දේනඩ වෙනවද කියල. ඉතින් ආයුබෝවන්. නැවත හමුවෙමු.
No comments:
Post a Comment