සමථ මණ්ඩල ක්‍රමය හ්‍රී ලංකාවේ ජනතාවට එතරම් සමීප වෙලා නැහැ. සාමාන්‍ය
ජනතාව තුල මේ පිළිබ අදහසක් ඇත්තෙත් නැහැ. බොහෝ මිනිසුන් තමන්ගේ ආරවුල් සා ජීවිත
කාලයටම විදවනව. ඒව සාකච්ඡා කරල පහසුවෙන් විසදගන්න පුළුවන් දේවල් වෙන්ඩ පුළුවන්.
සමථ මණ්ඩල ප්‍රෙද්ශවල පිහිටුවල තියන සමථ මුල මණඩලත් ඔහේ පවත්වාගෙන යනව ඇරෙන්ට තම
කාර්යයන් මහජනතාව අතරට ගෙනයාමට වැඩ පිළිවෙළක් නැහැ. බොහෝ අය සමථකාර තනතුරත් ඒ
නිසාම ලැබෙන සාම විනිසුරු කමත් භාවිතා කරන්නෙ ආභාරණයක් විලසට.
දිව්රුම් ප්‍රකාශයක්
ලියව ගන්ඩවත් මහ ජනතාවගෙන් කෙනෙක් තමන් ලගට එනවට කැමැති නැති සමථකාර වරුන් /වරියන්
ඉන්නව කියල මම දැනගත්තෙත් ගමේ අහිංසක මනුෂ්යෙය්ක් එක්තරා සමථකාර මහත්මියක් ලගට
ගිහිල්ල තම සේවය අමාරුවෙන් ඉටුකර ගත්ත හැටි කිව්ව දවසෙයි. ඒ මනුෂ්යයනම් කිව්වෙ ඒ
නෝනට ඒ ගැන අවබෝධයක් නැහැ කියලයි. මම නම් ඒක පිළිගන්ඩ එතරම් කැමති වුණේ නැත්තේ
එතුමිය අපේ ගම අසල ගමක ජීවත්වන උගත් කාන්තාවක්. කොහොම වෙතත් මහජනතාවගේ නිරීක්ෂණ
නම් ඔන්න ඔහොම තමයි.
තවත් කාරණාවක් තියනව.
සමථකාර නෝනාවරු මහත්වරු මොකක් හරි ආණ්ඩුවෙ රක්ෂාවක් කරල විශ්‍රම ගත්ත අය. සාමානයයෙන්
රජයේ සේවකයො කිව්වහම ජනතාව හිතන්නේ පගා මරැවො කියල. ඇතැම් සේවාවන් ඒකට විශේෂයි.
හැම රජයේ සේවකයෙකුටම ඒක ඇත්ත නෙමෙයි. ඒ වුණත් මහජනතාව තියන අත්දැකීම් තමයි ළමයව
ඉස්කෝලෙට දාගන්න ගෙදර ප්ලෑන් එක පාස් කරවගන්න, කොස් ගහ කපන්ඩ බල පත්‍රයක් ගන්ඩ්,
තම විහ්රාම වැටුප සකස්කර ගන්ඩ, මරණයක් ලියාපදිංචි කරගන්ඩ, විවාහයක්
කරගන්ඩ, විදුලි ප්‍රශ්ණයක් නිරාකරණය කර ගන්ඩ, ලයිට් ගන්ඩ, වතුර ගන්ඩ ,
දිව්රුම් ප්‍රකාශයක් ලියා ගන්ඩ වගේ වැඩ
කරව ගන්ඩ කීයක් හරි මිට මොලවන්ඩ වුණා කියන
එක ඒ නිසා තමන්ගෙ ආරවුල විසද න සමථ මණ්ඩලේ ඉන්න මහත්වරු නොනාවරු කරපු රස්සාවල් ගැන
කියපු ගමන්ම මිනිස්සුන්ගේ හිතට එන්නේ තමාගෙන් මුදල් ගත්ත අර අමන මනුෂ්‍යය ගැන. අපි
දන්න අදුණන සමථ කාර මහත්වරු ගොඩක් ඉන්නව රට වටේම. මම දන්න තරමින් ඒ කිසිම
මහත්තයෙක් ඒ වගේ අය නෙවෙයි. ඉතාමත් ගුණගරුක යුක්තිගරුක මහත්වරු. මම මේ හැමෝටම යෝජනා
කරන්නේ මහජනතාවට තමන් ගැන විශ්වාෂයක් ඇති කර ගන්න ඕනැනම් තමන් කරපු රක්ෂාව කුමක්ද
කියන එක ආරවුල්වල පාර්ශව කරුවන්ට නොකිය ඉන්න එක හොදයි කියලයි.
සමථ මණ්ඩල දිනය කියල
එහෙකුත් ලංකාවෙ තියනව. බොහෝ සමථ මණ්ඩල
දිනවල් පවත්වල තියෙන්නෙ ප්‍රභූවරුන් එක්ක. එක වරක් සමථකාර වරුන් අතර තරග වගයකුත්
තිබ්බලු. අඩු තරමින් සමථ මණ්ඩල දිනය අරඹයාවත් දිවයිනේ පාසල් අතර යම් යම් තරග වගේ
දේවල් සංවිධානය කරල ප්‍රෙද්ශයේ සමථ මණ්ඩලවලට ඒව අධික්ෂණය කිරීරමේ කාර්යයන් භාර
දුන්නොත් සමථ මණ්ඩල ගැන අදහසක් මහජනයා අතරට ගෙනියන්ඩ ඒක එක්තරා මාධ්‍යයක් වෙන්ඩ පුළුවන්.
එක කාලයක රූපවාහිනියෙ
දැනවීමක් දැම්ම සමථ මණ්ඩල ගැන. ඒත් ඒක පැවතුනේ ටික කාලයයි. කොහොම වෙතත් සමථ මණ්ඩල කියන්නේ මහජනතාවට ඉතාමත්
අතයවශ්ය විශාල නිහඩ සේවයක් ඉටකරන ආයතනයක්. මේ වගේ ආයතනයක් මහජනතාවගෙන් ඈත් කර තබන
එකනම් අපරාධයක්. අදට සටහන නිමයි . නැවත හමුවෙමු තවත් ආන්දෝලනාත්මක කරුණු ටිකකුත්
සමගම . ආයුබෝවන් සැමට
No comments:
Post a Comment