සමථ මූල මණ්ඩය සහ සමථ මණ්ඩලය
වැඩි දෙනෙක් භාවිතා කරන්නේ සමථ මණ්ඩලය කියන වචනය. එහෙත් සමථ මූල මණ්ඩලය කියල වචනයකුත් භාවිතා වෙනව. අපි කලින් සටහනකින් කථා කළා සමථ මූල මණ්ඩලය කියන්නේ මොකකක්ද කියල. සමථ මණ්ඩල ප්රදේශයක් සඳහා පත් කරනු ලබන කිසියම් සාමාජික සංඛ්යවකින් සමන්විත මණඩලයක තමයි සමථ මූල මණ්ඩලය කියන්නෙ. මේ සාමාජිකයන් අතරින් එක් අයෙක් සමථ මූල මණ්ඩලයේ සභාපති ලෙස පත්කරනව. මෙලෙස පත්කරනු ලබන සභාපති උත්තමයට හෝ උත්තමාවියට කියන්නෙත් සමථ මණ්ඩලයේ සභාපති තුමා හෝ තුමිය කියලයි. ඇත්තටම මේ අය සමථ මණ්ඩලයේ සභාපති වරයා හෝ වරිය නොව සමථ මූල මණ්ඩලයේ සභාපති වරයා හෝ වරියයි.
එසේ නම සමථ මණ්ඩලයක් කියන්නේ මොකක්ද? සමථ මණ්ඩලයක්
කියන්නේ සමථ මූල මණ්ඩලයේ සභාපති වරයා හෝ වරිය වෙත යම් කිසි ආරවුලක් හොමු වූ
අවස්ථාවක ඒ ආරවුලට සම්බන්ධ පාර්ශ්ව කරුවන් අතර සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පත් කරනු
ලබන තුන් දෙනෙකුගෙන් සමන්විත මන්ඩලයකටයි. මේ මණ්ඩලයේ තුන් දෙනාගෙන් එක් අයෙක් ප්රධාන
සමථකාර වරයා හෝ වරිය ලෙස පත්කරනු ලබනව. ඊලග සටහනින් අපි බලමු මේ සමථ මණ්ඩලය සහ එහි
ප්රධාන සමථකාරවරයා පත් කරන්නේ කවුරුන් විසින්ද එසේ පත් කනු ලබන්නේ කෙසේද යන්න
කියන කාරණා පිළිබඳ. එතෙක් අදට නවතිමි . ආයුබෝවන් .........
No comments:
Post a Comment