Monday, 4 July 2016

මොනවද සමථ මණ්ඩල කියන්නේ.....

          ලංකාවේ ආරවුල් විසඳිමට තියෙනව අධිකරණ ක්‍රියාමාර්ග සහ අධිකරණ නොවන ක්‍රියා මාර්ග කියල ක්‍රමවේද දෙකක්. අධිකරණ නොවන ක්‍රියා මාර්ගවලින් එකක් තමයි සමථ කරණය කියන්නේ. ලංකාවේ මේ සමථ කරණය පටන් ගන්නේ 1988 වර්ෂයේදි. 

       සමථ කරණය පටන් ගන්ඩ ඉස්සෙල්ල ලංකාවේ තිබිල තියනව සාම මණ්ඩල කියල එකක්. මේ සාම මණ්ඩල පත් කරල තිබුණෙ 1958 අංක 10 දරණ පාර්ලිමේන්තු පණතේ විධි විධාන අනුව. පණතේ කොහොම තිබුණත් මේ කාලේ සාම මණ්ඩල වලිනුත් වුණේ නඩු අහන එක. මේකට සාමාජිකයන් වශයෙන් පත් වුණෙත් ගමේ හිටපු දේශපාලන බල පුළුවන් කාරයො. මේ ගොල්ලොත් නඩු අහල සාක්ෂි විමසල එහෙම තීන්දු තීරණ දුන්නෙ ඉතාමත් අවිධිමත් විධියට. මේවයින් බලාපොරොත්තු වෙච්චි සහන ජනතාවට ලැබුණෙ ඉතාමත් අල්ප ප්‍රමාණයක්.

       මේ ගැන හොඳටම දන්නේ මේ සටහන ලියන මටත් ඒ කාලයේදි පවත්වාගෙන ගිය ටියුෂන් පන්තියක පරිහරණයට ලබාගත් කුලි ගොඩනැගිල්ලක ආරවුලක් මත විත්තිකාරයෙකු වශයෙන් සාම මණ්ඩලය ඉදිරියේ පැවැත්වෙන විභාගකට යන්ඩ සිදුවුණු නිසයි. හැබැයි මම නම් නෙවෙයි මේ ගොඩනැගිල්ල කුලියට ගත්තෙ. මේ පන්තියට අවශ්‍ය සම්පත් යොදල ගොඩනැගිල්ල කුලියට ගත්ත මහත්තයෙකුගෙන් මම ගත්තෙ පන්ති පවත්වාගෙන යාමේ අයිතිය බදු ගැනීම පමණයි. මෙතනදි ගොඩනැගිලි හිමි කරුට වරදක් සිද්ධ වුණේ ඒ මහත්තයගෙන්. නමුත් පැමිණිල්ල තිබුණෙ මට විරුද්ධව  මට විරුද්ධව පැමිණිලි කරපු අහිංසක මනුස්සයට වෙච්චි සෙතක් නම් නැහැ. සාම මණ්ඩලේ මහත්වරුන්ගේ ඉල්ලීම මත ඒ අය පොඩ්ඩක් අර මොකක්ද විතකින් සප්පායම් කරල වැඩේ ගොඩ දා ගත්ත. මේකෙ තිබුණ අප්‍රසන්නම පැත්ත තමයි මම කලින් සදහන් කරපු ගොඩනැගිල්ල කුලියට ගත්ත මහත්තය මෙම ආරවුල විභාග කරපු තිදෙනෙකුගෙන් යුතු සාම මණ්ඩලයේ ප්‍රධානියා වීම. 

       අද වගේම එදත් මට හිතුනේ  අර අහිංසක පැමිණිලිකාරයට හරි අසාධාරණයක්  වුණේ කියල. මේ වගේ වැඩ නිසාත් සාම මණ්ඩල වල අසාර්ථක ක්‍රියා කාර්ත්වය නිසාත් මේවගෙන් ජනතාවට සෙතක් වුණේ නැහැ. මේ අනුව එදා පවත්වාගෙන ගිය සාම මණ්ඩල අසාර්ථක ප්‍රයත්නයක් වෙනව. මේ කාලයෙදි තමයි ලෝකය පුරාම සමථකරණ සංකල්ප ගැන ප්‍රචලිත වෙලා තියෙන්නේ. මේ ගැන කල්පනා කරපු අපේ පාලක පන්තියේ අය ලංකාවටත් සමථ  ක්‍රමය හදුන්වා දීමට  තමයි 1988 වෙනකොට සමථ මණ්ඩල පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සම්මත කරගෙන තියෙන්නෙ.

        මෙන්න මේ විධියට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මගින් සම්මත කරපු 1988 අංත 72 දරණ http://www.justiceministry.gov.lk සමථ මණ්ඩල පණතට අනුව අධිකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන සමථ මණ්ඩල කොමිෂන් සභාවක් පත් කරනු ලබනව. මේ කොමිෂන් සභාවේ සාමාජිකයන් පස් දෙනෙකු විය යුතු බවටත් යටත් පිරිසෙයින් ඉන් තිදෙනෙක්  ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ අධිකරණ ධුර දැරූ තැනැත්තන් අතරින් විය යුතු බවටත් ඒ අයගෙන් කෙනෙක් මෙම කොමිෂන් සභාවේ සභාපති විය යුතු බවටත් විධි විධාන මෙම පණතට ඇතුළත්. පණතට අනුව කොමිෂන් සභාවේ සභාපති හෝ සාමාජිකයන් පත් කරනු ලබන්නේ අතිගරු ජනාධිපති තුමන් විසින්.මෙම කොමිෂන් සභාව විසින් තම කටයුතු  ත්‍රියාත්මක කිරීම සඳහා ලංකාව සමථ මණ්ඩල ප්‍රදේශ වලට බෙදල ඒ සෑම සමථ මණ්ඩල ප්‍රදේශයක් සඳහාම සමථ මූල මණ්ඩලයක් පිහිටුවනු ලබනව. 

         සමථ මණ්ඩල ප්‍රදේශයක් වශයෙන් නම් කරල තියෙන්නේ බොහෝ විටම ප්‍රාදේශීය ලේකම් කොටඨාශයක් මේ අනුව සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් මෙම සමථ මණ්ඩල  ප්‍රදේශ සඳහා සාමාජිකයන් 12 කට නොඅඩු යම් කිසි ගණනකින් යුක්තව පත්කරනු ලබන මණ්ඩලයට තමයි සමථ මූල මණ්ඩලය කියන්නෙ.  

         අදට නවතිනව. ඊලගට අපි බලමු සමථ මණ්ඩල වලට සාමාජිකයන් එහෙම නැත්නම් සමථකාරවරුන් පත් කරන්නෙ කොහොමද කියල

Thursday, 9 June 2016

පොලිසියට ගියහම මොනවද වෙන්නෙ

          දැන් ඔන්න ගැටුම දුරදිග ගිහින් ආරවුලක් බවට පත්වෙලා ආරවුලත් දුරදිග ගිහිල්ල වරදක් බවටත් පත්වෙලා. එහෙමත් නැත්නම් සුළු හෝ බල අපරාධරයක් වෙලා. ඔන්න දැන් පොලිසියේ මැදහත්වීම අවශ්‍ය වෙලා. බොහෝ වෙලාවට ගුටිකාපු එකාත් පොලිසියට ගිහල්ල පැමිණිල්ලක් දානව. ගහපු එකාත් වෙනම ගිහිල්ල පැමිණිල්ලක් දානව වෙලා තියෙන්නේ සුළු අපරාධයක් වගේ එකක්නම් පොලිසිය කරන්නෙ විත්තිකරුවන් සහ පැමිණිලිකරු ගෙන්වල සමාදානයකට පත් කරන්න උත්සාහ කරනව. සමාදාන කරන්න යමෙකුට පුළුවන් වෙන්නේ ඔහුට තියන බලය මත හෝ ඔහු වෙත ඇති පිළිගැනීම මතයි. පොලිසියෙදි වෙන්නෙත් ඒ අයට තියෙන බලය මත සමාදාන කිරීමක්. සමාදානය කියන්නේ බලෙන් පටවන එකක්. සමහර අවස්ථාවලදි පාර්ශ්ව කරුවන් විසින් ස්වෙච්ඡාවෙන්ම සමාදානය තෝරාගන්නා අවස්ථාත් තියනව

                       මෙතනදි බොහෝ අවස්ථාවල පාර්ශ්ව කරුවන්ට තිබුණ අවශ්‍යතාවන් එහෙම නැත්නම් උවමනාවන් ඉටුවෙන්නෙ නැහැ. පැමිණිළිකරුවන් සහ විත්ති කරුවන් සමාදාන කරන්න බැරි වෙච්චි වෙලාවට පොලිසිය කරන්නේ ඒ ආරවුල් ගරු අධිකරණයට හෝ සමථ මණ්ඩලයට යොමු කිරීම. මේ වගේ අවස්ථාවලදි පොලිසියෙන් කරන ඇතැම් වැරදි වැඩත් තියනව. අපි කලින් කිව්ව ගහපු එකාත් ගුටිකාපු එකාත් පොලිසියේ පැමිණිල්ල බැගින් දානව කියල. ඇතැම් අවස්ථාවලදි පොලිසිය විසින් එක පැමිණිල්ලක් ගරු අධිකරණයටත් එක පැමිණිල්ලක් සමථ මණ්ඩලයකටත් යොමු කරන අවස්ථාවල් තියනව. මෙතනදි එක් පාර්ශවයකට යම් අසාධාරණයක් වෙනව විතරක් නෙමෙයි මෙම ආරවුල විසඳ ගන්න එකත් යම් ආරවුලක් බවට පත්වෙනව. මේව ගැන ඉදිරි සටහනකදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනව.

          එහෙමනම් අපි අනිත් දවසෙ බලමු සමථ මණ්ඩල කියන්නෙ මොනවද කියල. ඒ ගැන ලියන්ඩ ඉස්සෙල්ල ගොඩක් කරුණු කාරණා හොයල බලන්ඩ වෙනව. නැවත හමුවෙන තුරු ආයුබෝවන් ...

සිත් පහළ වීම


     අද ඉරිද. විහේෂ වැඩකුත් නැති නිසා ටිකක් දවල් වෙනකල් නිදා ගන්නව කියල හිතාගෙනම තමයි ඊයෙ රෑ නින්දට ගියේ. ඒත් උදේම ගේටටුවට තඩිබාන ශබ්දෙට තමයි ඇහැ ඇරුණේ. අහිංසක පෙනුමක් තියන මැදි වියත් පහුකරගෙන යන නෝන කෙනෙකුයි මහත්තයෙකුයි ඇවිල්ල පොඩි උදව්වක් ඉල්ලගෙන. මූනෙන්නම් පෙණුනෙ ප්‍රශ්ණ ගොඩකට මැදි වෙලා වාගේ. තමුන්ගෙ පුතා ඇතිකරගත්ත කරදරයක් සම්බන්ධව නඩු අහන්ඩ සමථ මණ්ඩලයට එන්ඩ කියල ලියුමක් ඇවිල්ලලු. අපේ ගේ ලග ගෙදරක ඉන්න අද්වකාත් මහත්තය මගේ හොද යාළුවෙක් කියල මම දන්න අදුරණ ත්‍රිවිල් මල්ලි කෙනෙක් කිව්ව කියල අඩු මුදලකින් වැඩේ කරගන්න පුළුවන්ද කියල බලන්ඩ තමයි ඇවිල්ල තියෙන්නෙ. මේ අයත් එක්කල ටික වෙලාවක් කථා කරන කොට තමයි තේරුණේ මේ අහිංසක මිනිස්සුන්ව කවුරුහරි හොඳටම අන්දල කියල

       මේ කථාව ඇහැව්වට පස්සෙ මටත් හිතුන සමථ මණ්ඩලවල නඩු අහනවද ඒවට අද්වකාත් මහත්තුරුත් ඕනැ වෙනවද, මොකක්ද මේ සමථ මණ්ඩල වලින් කරන්නේ ඒවයේ කවුද ඉන්නේ  කියන කාරණා පිළිබද හොයල බලන්ඩ. මේ ගැන අන්තර්ජාලය පුරාම හෙව්වත් එතරම් දෙයක් ගන්ඩ ලැබුණෙ නැහැ. ඒ නිසාම තමයි කල්පනා කලේ මේ ගැන හොඳට හොයල බලලම  පෝස්ට් එකක් කරන්න ඕනැ කියල. ඔන්න එහෙනම් වැඩේට බැස්ස.  හොයා ගත්ත දේවල් පියවරෙන් පියවර ඉදිරිපත් කරන්ඩ තමයි හිතාගෙන ඉන්නේ. එහෙමනම් තව ටික දවසකින් හමුවෙමු. ආයුබෝවන් සැමට.!

සමථකරණයේ දිසානතිය - නෙතග බැල්මක්......

  දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි. https://www.facebook.com/search/top...