අද ඉරිද. විහේෂ වැඩකුත් නැති නිසා ටිකක් දවල් වෙනකල් නිදා ගන්නව කියල හිතාගෙනම තමයි ඊයෙ රෑ නින්දට ගියේ. ඒත් උදේම ගේටටුවට තඩිබාන ශබ්දෙට තමයි ඇහැ ඇරුණේ. අහිංසක පෙනුමක් තියන මැදි වියත් පහුකරගෙන යන නෝන කෙනෙකුයි මහත්තයෙකුයි ඇවිල්ල පොඩි උදව්වක් ඉල්ලගෙන. මූනෙන්නම් පෙණුනෙ ප්රශ්ණ ගොඩකට මැදි වෙලා වාගේ. තමුන්ගෙ පුතා ඇතිකරගත්ත කරදරයක් සම්බන්ධව නඩු අහන්ඩ සමථ මණ්ඩලයට එන්ඩ කියල ලියුමක් ඇවිල්ලලු. අපේ ගේ ලග ගෙදරක ඉන්න අද්වකාත් මහත්තය මගේ හොද යාළුවෙක් කියල මම දන්න අදුරණ ත්රිවිල් මල්ලි කෙනෙක් කිව්ව කියල අඩු මුදලකින් වැඩේ කරගන්න පුළුවන්ද කියල බලන්ඩ තමයි ඇවිල්ල තියෙන්නෙ. මේ අයත් එක්කල ටික වෙලාවක් කථා කරන කොට තමයි තේරුණේ මේ අහිංසක මිනිස්සුන්ව කවුරුහරි හොඳටම අන්දල කියල
මේ කථාව ඇහැව්වට පස්සෙ මටත් හිතුන සමථ මණ්ඩලවල
නඩු අහනවද ඒවට අද්වකාත් මහත්තුරුත් ඕනැ වෙනවද, මොකක්ද මේ සමථ මණ්ඩල වලින් කරන්නේ
ඒවයේ කවුද ඉන්නේ කියන කාරණා පිළිබද හොයල
බලන්ඩ. මේ ගැන අන්තර්ජාලය පුරාම හෙව්වත් එතරම් දෙයක් ගන්ඩ ලැබුණෙ නැහැ. ඒ නිසාම
තමයි කල්පනා කලේ මේ ගැන හොඳට හොයල බලලම
පෝස්ට් එකක් කරන්න ඕනැ කියල. ඔන්න එහෙනම් වැඩේට බැස්ස. හොයා ගත්ත දේවල් පියවරෙන් පියවර ඉදිරිපත් කරන්ඩ
තමයි හිතාගෙන ඉන්නේ. එහෙමනම් තව ටික දවසකින් හමුවෙමු. ආයුබෝවන් සැමට.!
No comments:
Post a Comment