සමථ කරණය පටන් ගන්ඩ ඉස්සෙල්ල ලංකාවේ තිබිල තියනව සාම මණ්ඩල කියල එකක්. මේ සාම
මණ්ඩල පත් කරල තිබුණෙ 1958 අංක 10 දරණ පාර්ලිමේන්තු පණතේ විධි විධාන අනුව. පණතේ
කොහොම තිබුණත් මේ කාලේ සාම මණ්ඩල වලිනුත් වුණේ නඩු අහන එක. මේකට සාමාජිකයන් වශයෙන්
පත් වුණෙත් ගමේ හිටපු දේශපාලන බල පුළුවන් කාරයො. මේ ගොල්ලොත් නඩු අහල සාක්ෂි විමසල
එහෙම තීන්දු තීරණ දුන්නෙ ඉතාමත් අවිධිමත් විධියට. මේවයින් බලාපොරොත්තු වෙච්චි සහන ජනතාවට
ලැබුණෙ ඉතාමත් අල්ප ප්‍රමාණයක්.
මේ ගැන හොඳටම දන්නේ මේ සටහන ලියන මටත් ඒ කාලයේදි පවත්වාගෙන ගිය ටියුෂන් පන්තියක පරිහරණයට ලබාගත් කුලි ගොඩනැගිල්ලක ආරවුලක් මත විත්තිකාරයෙකු වශයෙන් සාම මණ්ඩලය ඉදිරියේ පැවැත්වෙන විභාගකට යන්ඩ සිදුවුණු නිසයි. හැබැයි මම නම් නෙවෙයි මේ ගොඩනැගිල්ල කුලියට ගත්තෙ. මේ පන්තියට අවශ්‍ය සම්පත් යොදල ගොඩනැගිල්ල කුලියට ගත්ත මහත්තයෙකුගෙන් මම ගත්තෙ පන්ති පවත්වාගෙන යාමේ අයිතිය බදු ගැනීම පමණයි. මෙතනදි ගොඩනැගිලි හිමි කරුට වරදක් සිද්ධ වුණේ ඒ මහත්තයගෙන්. නමුත් පැමිණිල්ල තිබුණෙ මට විරුද්ධව මට විරුද්ධව පැමිණිලි කරපු අහිංසක මනුස්සයට වෙච්චි සෙතක් නම් නැහැ. සාම මණ්ඩලේ මහත්වරුන්ගේ ඉල්ලීම මත ඒ අය පොඩ්ඩක් අර මොකක්ද විතකින් සප්පායම් කරල වැඩේ ගොඩ දා ගත්ත. මේකෙ තිබුණ අප්‍රසන්නම පැත්ත තමයි මම කලින් සදහන් කරපු ගොඩනැගිල්ල කුලියට ගත්ත මහත්තය මෙම ආරවුල විභාග කරපු තිදෙනෙකුගෙන් යුතු සාම මණ්ඩලයේ ප්‍රධානියා වීම.
අද වගේම එදත් මට හිතුනේ අර අහිංසක පැමිණිලිකාරයට හරි අසාධාරණයක් වුණේ කියල. මේ වගේ වැඩ නිසාත් සාම මණ්ඩල වල අසාර්ථක ක්‍රියා කාර්ත්වය නිසාත් මේවගෙන් ජනතාවට සෙතක් වුණේ නැහැ. මේ අනුව එදා පවත්වාගෙන ගිය සාම මණ්ඩල අසාර්ථක ප්රයත්නයක් වෙනව. මේ කාලයෙදි තමයි ලෝකය පුරාම සමථකරණ සංකල්ප ගැන ප්‍රචලිත වෙලා තියෙන්නේ. මේ ගැන කල්පනා කරපු අපේ පාලක පන්තියේ අය ලංකාවටත් සමථ ක්‍රමය හදුන්වා දීමට තමයි 1988 වෙනකොට සමථ මණ්ඩල පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සම්මත කරගෙන තියෙන්නෙ.

මෙන්න මේ විධියට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
මගින් සම්මත කරපු 1988 අංත 72 දරණ http://www.justiceministry.gov.lk සමථ මණ්ඩල පණතට අනුව අධිකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක
වෙන සමථ මණ්ඩල කොමිෂන් සභාවක් පත් කරනු ලබනව. මේ කොමිෂන් සභාවේ සාමාජිකයන් පස්
දෙනෙකු විය යුතු බවටත් යටත් පිරිසෙයින් ඉන් තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ අධිකරණ
ධුර දැරූ තැනැත්තන් අතරින් විය යුතු බවටත් ඒ අයගෙන් කෙනෙක් මෙම කොමිෂන් සභාවේ
සභාපති විය යුතු බවටත් විධි විධාන මෙම පණතට ඇතුළත්. පණතට අනුව කොමිෂන් සභාවේ
සභාපති හෝ සාමාජිකයන් පත් කරනු ලබන්නේ අතිගරු ජනාධිපති තුමන් විසින්.මෙම කොමිෂන්
සභාව විසින් තම කටයුතු ත්‍රියාත්මක කිරීම
සඳහා ලංකාව සමථ මණ්ඩල ප්‍රදේශ වලට බෙදල ඒ සෑම සමථ මණ්ඩල ප්‍රදේශයක් සඳහාම සමථ මූල
මණ්ඩලයක් පිහිටුවනු ලබනව.
සමථ මණ්ඩල ප්‍රදේශයක් වශයෙන් නම් කරල තියෙන්නේ බොහෝ විටම
ප්‍රාදේශීය ලේකම් කොටඨාශයක් මේ අනුව සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් මෙම සමථ මණ්ඩල ප්‍රදේශ සඳහා සාමාජිකයන් 12 කට නොඅඩු යම් කිසි ගණනකින් යුක්තව පත්කරනු ලබන මණ්ඩලයට තමයි සමථ
මූල මණ්ඩලය කියන්නෙ.
අදට නවතිනව. ඊලගට අපි බලමු සමථ මණ්ඩල වලට සාමාජිකයන් එහෙම නැත්නම් සමථකාරවරුන් පත් කරන්නෙ කොහොමද කියල

No comments:
Post a Comment