මහජනයා අතර ඇතිවන ආරවුල්, ඒවාට ගොදුරු වන්නන්ගේ ජීවිත වලට විශාල බලපෑමක් ඇති කරවයි. ආරවුල් නිරාකරණය සඳහා සරල සහ සාර්ථක ක්‍රියාවලියක් ලෙස සමථ මණ්ඩල ක්‍රමය ලංකාවට හදුන්වා දී ඇත. සමථ මණ්ඩල ක්‍රමයෙන් අපේක්ෂිත අරමුණු නිසි පරිදි ඉටුවන්නේද මහජන සේවාවක් ලෙස එය අගය කළ හැකිද යන්න පිළිබද සාධාරණවූත් සදාචාර සම්පන්න වූත් විවේචනාත්මක විමර්ශණයක යෙදීම මෙම බ්ලොක් සටහනේ අරමුණයි. සමථ මණ්ඩල ක්‍රමය මහජනතාවට වඩාත් සමීප විය යුතු බව ඒ පිළිබද දීර්ඝ කාලීන පර්යේෂණයක යෙදී සිටින සටහන් කරුගේ අදහස වේ.
Saturday, 19 December 2020
සමථ මණ්ඩල කටයුතු පිළිබද ජනතා අදහස් සහ උදහස්
Friday, 18 December 2020
සමථ මණ්ඩල වලට වැඩි බලතල
ලක්දෙරණ ප්‍රවාත්ති මගින් ඉහත කාරණාවට අදාල ප්‍රවෘත්තියක් ටුවීටර්
හරහා නිකුත් කර ඇත.https://t.co/PDcpet13qU?amp=1 මූල්‍ය ආරවුල් සහ වෙනත් ආරවුල් සදහා වෙනම සමථ මණ්ල
පිහිටුවීමටත්, දැනට පවතින සමථ මණ්ඩල මසකට රැස්වෙන දින ගණන දින හතරේ සිට හය දක්වා
වැඩි කිරීමටත් තීරණය කළ බව මෙම ප්‍රවෘත්තියේ දැක්වේ. සමථ මණ්ඩල වලට ලැබෙන ආරවුල්
වලින් දළවශයෙන් 70% ක් පමණ මූල්‍ය ආරවුල් වන අතර ඉතිරි 30% ට ඉඩම් සම්බන්ධ ආරවුල්ද
ඇතුළත් වේ. මේ අනුව ඉතිරි ආරවුල් ප්‍රමාණය දළ වශයෙන් 30% කට අඩු ප්රමාණයකි. මේ
අනුව වත්මන් සමථ මණ්ඩල වලට සාකච්ඡා කිරීමට ඉතිරිවන්නේ දැනට ලැබෙන ආරවුල් ප්‍රමාණයෙන්
30% කටත් අඩු ප්රමාණයකි. මේ අනුව දැනට පවතින සමථ මණ්ඩල රැස්වෙන දින ගණන වැඩි
කිරීම කාලෝචිත පියවරක් වන්නේද යන්න නැවත නැවතත් සිතා බැලිය යුත්තකි.
සමථ මණ්ඩලවල සමථ කාර
වරුන් සහ සමථකාර වරියන් සමථ මණ්ඩල වල කටයුතු කරන්නේ ස්වේච්ඡා පදනමක් යටතේය. ඔවුන්
මසකට දින හතරක් සමථ මණ්ඩල වලට පැමිණෙන්නේද ඉතාමත් කැප කිරීම් කරමිනි. සමථ මණ්ඩල
පැවැත්වෙන්නේ බොහෝ අවස්ථාවල සෙනසුරාදා දින වලය. සෙනසුරාදා දින හතරට අමතරව තවත්
දිනයක් යොදා ගන්නේ නම් අනිවාර්යයෙන්ම එය ඉරිදා දිනයක් විය යුතුය. ඉරිදා දිනය සමථ මණ්ඩල
සදහා යොදා ගැනීමේදී ප්‍රායෝගික ගැටළු කීපයක් ඇතිවේ. ඉරිදා දිනය කතෝලික ජනතාවගේ
සබත් දිනයයි. ආගමික විධිවිධානයන්ට අනුව
ඉරිදා දින නිවාඩු වලංගු විය යුතුය. තවද ඉරිදා දිනය ලංකාවේ දහම් පාසල් පැවැත්වෙන
දිනයයි. දහම් පාසල් පැවැත්වෙන බැවින් එදින පාසල් ගොඩනැගිලි සමථ මණ්ඩල කටයුතු සදහා
යොදාගත නොහැක.
සමථ මණ්ඩල වලට ඉදිරිපත් වන ආරවුල් වලින් වැඩි ප්‍රමාණයක්
සඳහා නිරවුල් නොකිරීමේ සහතික නිකුත් කිරීම සිදු වන්නේ පාර්ශ්ව කරුවන් සමථ සාකච්ඡා
වලට නොපැමිණීම මතය. පැමිණිම බොහේවිට පැහැර හරින්නේ සමථ මණ්ඩල භාෂාවෙන් නොව
පොලිසියේ සහ උසාවි භාෂව අනුව චූදිතයා නොහොත් විත්තිකරුවන්ය. මොවුන් සමථ සාක්ච්ඡා
වලට ඉදිරිපත් නොවීම නිසා අගතියට පත් පාර්ශ්වයන්ට ඇතිවෙන සෙතක් නැත. සමථ මණ්ඩල
කටයුතු බල ගන්වන්නේනම් මේ පිළිබදවද සුදුසු ක්‍රියා මාර්ගයක් සදහා අවධානය යොමු විය
යුතුව ඇත. එවිට සමථ මණ්ඩල ක්‍රමය ජනතාව අතරට ගෙනයාමට වෙනත් ක්‍රියා මාර්ග අවශ්‍ය
නොවන බව සටහන් කරුගේ අදහසයි
මෙම කාරණා ඉදිරිපත්
කරන්නේ විවේචනයක් සදහා නොව සමථ මණ්ඩල කටයුතු වල ප්‍රගතිය සදහාම බව සඳහන් කළ
යුතුමය. සටහන් කරු ලංකාවේ සමථ මණ්ඩලවල බිම් මට්ටමේ කටයුතු ගැන දීර්ඝකාලිනි අධ්යානයක
යෙදී සිටී. සටහන්කරු ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ඉතාමත් විධිමත් මෙන්ම සංවිධානාත්මක එමෙන්ම ඉතා ප්‍රායෝගික සහ
ප්‍රයෝජනවත් ජනහිතකාමි ආරවුල් විසදීමේ ක්‍රමවේදයක් වන සමථ මණ්ඩල ක්රමයේ දියුණුව
ඉත සිතින් පතන්නෙකි. මෙම සටහන උදහස සදහා නොව මදහස සදහාය. උදහසට ලක් නොවේවා යන්න
සටහන් කරු බරපතල ලෙස අපේක්ෂා කරයි...
සමථකරණයේ දිසානතිය - නෙතග බැල්මක්......
දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි. https://www.facebook.com/search/top...
-
දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි. https://www.facebook.com/search/top...
-
සමථකාර වරයා කෙසේ විය යුතුද ? සමථ මණ්ඩල පණතට අනුව සමථ කරණය කියන්නේ කුමක්ද යන්න ගැන නිර්වචනයක් කරල තියනව. නිත්‍යාණුකූල මාර්ග වලින් ආරවුල...
-
සමථ මණ්ඩලයක් පත් කරන්නේ කෙසේද? සමථ මණ්ඩල පත්කිරීම ප්රශ්නකාරිද ? සමථ මූල මණ්ඩලය සහ සමථ මණ්ඩලය කියන්නේ මොකක්ද කියල අපි කලින් සටහනකින් සා...