Wednesday, 10 May 2017

කොහොමද සමථ මුල මණ්ඩලයක් පිහිටුවන්න

          කිසිම පුද්ගලකෙුට තමන් විසින්ම ඉල්ලීමක් කරල සමථකාරවරයෙකු වශයෙන් පත්වීමක් ලබන්ඩ බැහැ. ඔහුව සමථකාර වරයෙකු ලෙස පත්කරන ලෙස නම් කළ යුත්තේ වෙනත් අයවිසින්. අදාල දිස්ත්‍රිකකයේ දිසාපති වරයාට ප්‍රාදේශීය ලේකම් වරයාට, දැනටමත් ක්‍රියාත්මක වන සමථ මණ්ඩලයක සභාපති වරයාට, විහාරධිපති ස්වාමින් වහන්සේ නමකට, පුජක ස්ථානයක් භාර පුජක තුමෙකුට ප්‍රෙදේශයේ පදිංච විශ්‍රාමික දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට ලියා පදිංචි ස්වේච්ඡා සංවිධනයක ගරු සභාපති වරයාට යන අයට සහ තවත් මෙහි සඳහන් නොකළ සුවිශේෂ පුදුගලයන්ටත් යම් අයෙකු සමථ කාර වරයෙකු ලෙස පත්කරන ලෙස ඉල්ලීමක් කළ හැකියි. මෙලෙස නම් කිරීමක් කළ හැක්කේ සමථ මූල මණ්ඩලයක් විසුරුවා හැර නව සමථ මූලමණ්ඩලයකට නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස නිකුත් කරනු ලබන ගැසට් නිවේදනයකට අනුකුලවයි.

          සමථකාරවරයෙකු වශයෙන් පත් කිරීමට යෝජනා කළ හැක්කේ කවර පුද්ගලයින්ද යන්නත් සමථ මණ්ඩල පණතේ සඳහන් කරල තියනව.සමථ මූලමණඩල ප්‍රදේශයක පදංචිව සිටින හෝ එම ප්‍රදේශයේ යම් කිසි වැඩක යෙදී සිටින තැනැත්තෙක් හෝ දිසාපති වරයා විසින් නම් කරනු ලබන රජයේ නිලධාරියෙක් මේ සඳහා නම් කළ හැකියි. අති විහේෂ කරණු මත ප්‍රදේශයෙන් පිටත පදංචි තැනැත්තෙක් හෝ ප්‍රදේශයෙන් පිටත වැඩක යෙදී සිටින තැනැත්තෙක් හෝ පත් කිරීමට කොමිෂන් සභාවට බලය අැති බවකුත් සමථ මණ්ඩල පණතේ සඳහන් වෙනව.

        සමථ මූල මණ්ඩල සදහා පත් කරනු ලබන සමථ කාර වරුන් ක්‍රියාකාරි දේශපාලනයට සම්බන්ධ නොමැති පුද්ගලයින් විය යුතු බව පණතේ පළමුූ උප ලේඛනයේ සඳහන් වෙනව. එහෙත් සමහර අවස්ථාවලදි දේශපාලන කටයුතු කරන අයත් පත්වෙචිචි අවස්ථා නැතිවම නෙමෙයි. කෙසේ වෙතත් අපක්ෂපාති සමථ කාරවරුන් පත් කර ගැනීමේ අවශ්‍යතාව මත දේශපාලන කටයුතු වලින් තොර පුදුගලයින්ම තෝරා ගැනීම ඉතාමත් වැදගත්.

        සමථකාරවරයෙකු ලෙස පත්කිරිමට යෝජනා කළ පමණින්ම ඔහුව සමථකාරවරයෙක් වශයෙන් පත් කරන්නෙ නැහැ. මොවුන් සුදුසුද යන්න සොයා බැලීමට සම්මුඛ පරික්ෂණයකට කැදවනව. සම්මුඛ පරික්ෂණයකින් තෝරාගනු ලබන පුද්ගලයින් දින  5 ක අඛණ්ඩ පුහුණුවකටත් පුහුණුවෙන් අනතුරුව පවත්වනු ලබන ලිඛිත පරික්ෂණයකටත් පෙනී සිටිය යුතුයි. මෙම පාඨමාලාව සාර්ථකව හදාරා ඇති බවටත් , සමථකරණය පිළිබද දක්ෂතාවන් ඇති බවටත් අදාල බලධාරින් විසින් ඒත්තු ගත් පුද්ගලයින් පසුව සමථකාර වරුන් වශයෙන් පත් කරනව. මෙලෙස පත්කකරනු ලබන පුද්ගලයින් පිළිබද යම් සොයා බැලීමකුත් මෙම සටහන් කරු විසින් කරල තියනව. ඒ අනුව සොයාගත් තොරතුරු නැවත ඉදිරිපත් කරන තෙක් ආයුබෝවන්

සමථකරණයේ දිසානතිය - නෙතග බැල්මක්......

  දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි. https://www.facebook.com/search/top...